කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාව වටා මුහුදු ප්‍රදේශ කිහිපයක් සඳහා තද සුළං සහ රළු මුහුද පිළිබඳව විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. මෙය නාවික හා ධීවර ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගත්තකි.
දෙපාර්තමේන්තුවට අනුව, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 55-65 දක්වා ඉහළ යා හැක. මෙම තත්ත්වය හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බව දැනුම් දෙයි.
තවද, මෙම මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ උස මීටර් 2.5 – 3.0ක් පමණ ඉහළට යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. මේ හේතුවෙන්, මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බැවින් වෙරළබඩ ප්‍රදේශවාසීන් ද අවධානයෙන් සිටීම වැදගත් වේ.
ඉහත සඳහන් කළ තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අදාළ මුහුදු ප්‍රදේශවල ඉදිරි පැය 24 සඳහා යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවන්ට දැඩිව දැනුම් දී තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (ජූලි 13) පෙරවරු 9:00 දක්වා වලංගු වේ. සියලුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම කාලගුණ අනතුරු ඇඟවීම් පිළිබඳව අවධානයෙන් කටයුතු කර, තම ආරක්ෂාව තහවුරු කර ගන්නා ලෙසයි.
