ලංකාවේ පොදු ප්‍රවාහනයට අලුත් මුහුණුවරක් දෙමින්, අද (පෙබරවාරි 24) සිට මගී බස් රථවල ගමන් ගාස්තු බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ පහසුකම ආරම්භ කෙරුණා. ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කළේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී මෙම සමාරම්භක වැඩසටහන පැවැත්වුණු බවයි. බොහෝ කලක් තිස්සේ මගීන් මුහුණ දුන් ‘ඉතිරි මුදල් නැවත නොදීම’ වැනි කරදරකාරී ගැටලුවලට ස්ථිර විසඳුමක් ලෙස මෙය හඳුන්වා දී තිබෙනවා. ඩිජිටල් අමාත්‍යාංශය සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන මේ නවීන ක්‍රමවේදය පළමු අදියරේදී මාර්ග 20ක් පමණ ආවරණය කිරීමට නියමිතයි. මේත් එක්කම, ලංකාවේ බස් ගමන් අත්දැකීම තවත් පහසු, විනිවිදභාවයෙන් යුක්ත එකක් බවට පත්වීම නිසැකයි.






























