• Advertise
  • About
  • Contact Us
Monday, November 10, 2025
Gossipking
No Result
View All Result
  • Home
  • News
    අඟුරුවාතොට වෙල්යායේ අභිරහස් මරණය: තරුණ පියෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කරලා!

    අම්බලන්ගොඩ භීතියට පත්කළ වෙඩි තැබීම! ‘කරන්දෙණිය සුද්දාගේ’ මස්සිනා ඝාතනය වෙයි!

    අම්බලන්ගොඩ දෙවනත් කළ වෙඩි ප්‍රහාරය: මෝදර දේවාල සභාපති ජීවිතක්ෂයට!

    “SDIGගේ නංගි” කියා පොලිසියට අභියෝග කළ කාන්තාවට අන්තිමට වූ දේ!

    ගණේමුල්ල සංජීව ඝාතනයේ රහස හෙළිවේ: සෙව්වන්දි පලාගිය PickMe රථ ගැන අධිකරණ නියෝගයක්!

    පාසල් සිසුවියකට අතවර කළ ගුරුවරයාට නීතියේ රැහැනින් දඬුවම්!

  • Hot Gossip
    Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

    භාරත්ට අලුත් පෙම්වතියක්! එෂා දියෝල් ආදරය ගැන කියන පුදුම කතාව!

    සයියාරා පෙම්වතිය න්‍යායා හි දැඩි චරිතයකට: අනීත් පද්දාගේ ලොකුම අභියෝගය!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home News

‘ආමි උපුල්’ ඝාතනයේ අභිරහස දිගහැරෙයි: පාතාල ආරවුලක් සහ මත්ද්‍රව්‍ය ජාලයක්!

July 15, 2025
in News
0
‘ආමි උපුල්’ ඝාතනයේ අභිරහස දිගහැරෙයි: පාතාල ආරවුලක් සහ මත්ද්‍රව්‍ය ජාලයක්!
0
SHARES
14
VIEWS
Share on FacebookShare on Twitter

රාගම, බටුවත්ත ප්‍රදේශයේදී පසුගියදා වෙඩි තබා ඝාතනය කරන ලද ‘ආමි උපුල්’ නමැත්තාගේ මරණය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක වන අතර, එය පාතාල ක්‍රියාකාරකමක් සහ මත්ද්‍රව්‍ය ආරවුලකට අදාළ පළිගැනීමක් විය හැකි බවට කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සැක පළ කරයි. එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙම වෙඩි තැබීම ‘බටුවත්තේ චූලා’ නමැත්තකුගේ උපදෙස් මත සිදුකර ඇති බවට මූලික තොරතුරු අනාවරණය වී ඇති බවයි.

‘ආමි උපුල්’ වෙඩි තබා ඝාතනය කිරීම සඳහා යතුරුපැදියකින් පැමිණි ප්‍රධාන වෙඩික්කරු සහ ඔහුට උපකාර කළ යතුරුපැදි පැදිකරු ඇතුළු තවත් සැකකරුවන් කිහිප දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගැනීමට කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට හැකිව තිබේ. වෙඩි තැබීමට උපයෝගී කරගත් යතුරුපැදිය ද සමඟ පැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රධාන වෙඩික්කරු ද මේ වන විට හඳුනාගෙන ඇති අතර, ඔහු අද හෝ හෙට දින අත්අඩංගුවට ගන්නා බව කාර්යාංශය අවධාරණය කරයි. ඝාතනයට යොදාගත් ගිනි අවිය ද මීට දින කිහිපයකට පෙර අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් සමත් වී ඇත.

READ ALSO

අඟුරුවාතොට වෙල්යායේ අභිරහස් මරණය: තරුණ පියෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කරලා!

අම්බලන්ගොඩ භීතියට පත්කළ වෙඩි තැබීම! ‘කරන්දෙණිය සුද්දාගේ’ මස්සිනා ඝාතනය වෙයි!

රාගම, බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවතේ පදිංචිකරුවෙකු වූ ‘ආමි උපුල්’ ට පාතාල ක්‍රියාකාරකම් හේතුවෙන් මරණීය තර්ජන එල්ල වී තිබූ බවත්, ඒ පිළිබඳව පොලිසිය සහ බුද්ධි අංශ විසින් ඔහුව දැනුවත් කර තිබූ බවත් විමර්ශනවලදී හෙළි වී ඇත. ඔහු, මීට පෙර වෙඩි තබා මරා දමන ලද සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ ‘ගණේමුල්ල සංජීව’ගේ සමීපතමයකු ලෙස කලක සිට ක්‍රියා කිරීම මේ තර්ජනවලට එක් හේතුවක් වී තිබේ.

මරණ තර්ජන එල්ලවීමත් සමඟ ‘ආමි උපුල්’ වැඩිපුර එළිපෙහෙළියට නොගිය ද, ඔහුගේ විරුද්ධ පාර්ශ්වය කිහිප වතාවක්ම ඔහුව ඝාතනය කිරීමට උත්සාහ කර ඇත.

පසුගිය ජූලි 3 වැනිදා රාත්‍රියේ ‘ආමි උපුල්’ සිය නිවෙසේ රැඳී සිටියදී ඔහුගේ පාසල් මිතුරකු වූ ‘සුද්දා’ නමැත්තා හමුවීමට පැමිණ තිබේ. ‘උපුල්’ සිය මිතුරා හොඳින් හඳුනන නිසාම නිවෙසින් පිටතට පැමිණ ඔහු සමඟ කතාබස් කර ඇති අතර, එම මොහොතේදී ‘ආමි උපුල්’ ඉලක්ක කරගෙන වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත. වෙඩි පහර කෑ ‘ආමි උපුල්’ එතැනම මියගොස් ඇති අතර, ඔහු සමඟ සිටි ‘සුද්දා’ පලා ගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිසිය මූලික විමර්ශන සිදු කළ අතර, පසුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීමෙන් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ද ඊට එක්කර ගැනිණි. එහි ස්ථානාධිපති අසේල සඳනුවන් ඇතුළු කණ්ඩායමක් විසින් සිදුකළ විමර්ශනවලදී, වෙඩි ප්‍රහාරය එල්ල වන මොහොතේ නිවෙසේ සිටි ‘ආමි උපුල්’ගේ නැගණිය ඇතුළු දෙතුන් දෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇත.

මූලිකව වෙඩික්කරුවන් ත්‍රිරෝද රථයකින් පැමිණි බවට සැක කළද, සීසීටීවී කැමරා දර්ශන සහ බුද්ධි තොරතුරු නිරීක්ෂණය කිරීමෙන් පසුව එය වැරදි බව නිලධාරීන්ට ඒත්තු ගොස් ඇත. පසුව අනාවරණය වූයේ, වෙඩික්කරුවන් යතුරුපැදියකින් පැමිණ ඇති බවයි.

විමර්ශන අතරතුරදී, ජූලි 8 වැනිදා බටුවත්ත කනත්ත අසලදී යතුරුපැදියකින් ගමන්ගත් පුද්ගලයකු නතර කර පරීක්ෂා කිරීමේදී, ඔහු සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 1ක් සහ ග්‍රෑම් 775ක් සොයාගෙන ඇත. දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී ඔහු සන්තකයේ තිබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ ‘බටුවත්තේ චූලා’ නමැත්තාට අයත් බවත්, අදාළ යතුරුපැදියද ‘චූලා’ට අයත් එකක් බවත් හෙළි වී තිබේ. මෙම සැකකරු ‘බටුවත්තේ චූලා’ගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

සැකකරු තාවකාලිකව පදිංචිව සිටි බටුවත්තේ නිවෙසක් සෝදිසි කිරීමේදී, වානේ අල්මාරියක තිබී SMG වර්ගයේ විදේශීය රටක නිෂ්පාදිත ස්වයංක්‍රිය ගිනිඅවි දෙකක්, පතරොම් ගැබ් දෙකක්, 9mm වර්ගයේ ජීව පතරොම් 10ක් සහ T-56 වර්ගයේ ගිනි අවියක යකඩ බට කොටසක් ද සොයාගෙන ඇත. එමෙන්ම, ගංජා කිලෝග්‍රෑම් 67යි ග්‍රෑම් 570ක්, විද්‍යුත් තරාදියක්, ගුවන් හමුදා නිල ඇඳුමක කමිසයක්, යුද හමුදා නිලධාරීන් පළඳින බූට් සපත්තු යුගලක්, රවුටරයක්, යතුරුපැදියක්, ජංගම දුරකථන 3ක් සහ ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් ඇතුළු දේපළ රැසක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් එක් ගිනි අවියක් ‘ආමි උපුල්’ ඝාතනයට යොදාගන්නට ඇතැයි විමර්ශන නිලධාරීහු සැක කරති. ඔහු සන්තකයේ තිබූ මුළු හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 9යි ග්‍රෑම් 240කි.

වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ‘සුද්දා’ නමැත්තා සම්බන්ධයෙන්ද තොරතුරු හෙළි වී ඇති අතර, ඒ අනුව ‘සුද්දා’ ද විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විමර්ශන නිලධාරීන් පවසන්නේ, වෙඩි තැබීමට පෙර දින (ජූලි 2 වැනිදා) ‘ආමි උපුල්’ ඝාතනය කිරීමට සැලසුම් කර තිබුණ ද, ඔහුව නිවෙසින් පිටතට ගැනීමට නොහැකි වීම නිසා එම ප්‍රහාරය ව්‍යර්ථ වූ බවයි. පසුව, ‘ආමි උපුල්’ගේ පාසල් මිතුරා වූ ‘සුද්දා’ යොදාගෙන ඔහුව නිවෙසින් පිටතට ගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව ද විමර්ශනවලදී හෙළි වී තිබේ.

‘ආමි උපුල්’ ඝාතනය සඳහා යතුරුපැදිය පැදවූ පැදිකරුට රුපියල් 20,000ක මුදලක් ගෙවා ඇති අතර, එය ‘සුද්දා’ හරහා පැදිකරුට ලබා දී ඇති බව ද විමර්ශන නිලධාරීහු පවසති. ඝාතන සැලැස්ම ‘සුද්දා’ගේ නිවෙසේදී සකස් කර ඇති අතර, වෙඩික්කරු ජූලි 1 වැනිදා බටුවත්තට පැමිණ ඇති බව ද අනාවරණය වී තිබේ.

මරා දැමූ ‘ආමි උපුල්’ නමැත්තා කළු පටි කරාටේ ශූරයකු වන බවත්, පාතාල ක්‍රියාකාරකමක් හේතුවෙන් මොහු මරා දමන්නට ඇතැයි සැක කළ ද, ‘උපුල්’ මරා දැමූ නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නැති බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

මේ අතර, ‘බටුවත්තේ චූලා’ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් ප්‍රධානියකු ද එම කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

Tags: GossipgossipkinghotgossipNewssri lanka

Related Posts

අඟුරුවාතොට වෙල්යායේ අභිරහස් මරණය: තරුණ පියෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කරලා!
News

November 7, 2025
අම්බලන්ගොඩ භීතියට පත්කළ වෙඩි තැබීම! ‘කරන්දෙණිය සුද්දාගේ’ මස්සිනා ඝාතනය වෙයි!
News

අම්බලන්ගොඩ භීතියට පත්කළ වෙඩි තැබීම! ‘කරන්දෙණිය සුද්දාගේ’ මස්සිනා ඝාතනය වෙයි!

November 4, 2025
අම්බලන්ගොඩ දෙවනත් කළ වෙඩි ප්‍රහාරය: මෝදර දේවාල සභාපති ජීවිතක්ෂයට!
News

අම්බලන්ගොඩ දෙවනත් කළ වෙඩි ප්‍රහාරය: මෝදර දේවාල සභාපති ජීවිතක්ෂයට!

November 4, 2025
News

“SDIGගේ නංගි” කියා පොලිසියට අභියෝග කළ කාන්තාවට අන්තිමට වූ දේ!

November 3, 2025
News

ගණේමුල්ල සංජීව ඝාතනයේ රහස හෙළිවේ: සෙව්වන්දි පලාගිය PickMe රථ ගැන අධිකරණ නියෝගයක්!

October 31, 2025
පාසල් සිසුවියකට අතවර කළ ගුරුවරයාට නීතියේ රැහැනින් දඬුවම්!
News

පාසල් සිසුවියකට අතවර කළ ගුරුවරයාට නීතියේ රැහැනින් දඬුවම්!

October 30, 2025
Next Post
වීසා ප්‍රතික්ෂේප කිරීමකට පාතාලයෙන් පළිගැනීමක්: ගණේමුල්ලේ නිවසකට වෙඩි ප්‍රහාරයක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

Ingenuity යානයේ අඟහරු මෙහෙයුම අවසන්

Ingenuity යානයේ අඟහරු මෙහෙයුම අවසන්

January 26, 2024
අමෙරිකාවේ සුව විඳින ගයේෂා

අමෙරිකාවේ සුව විඳින ගයේෂා

March 20, 2023
ඇමතිවරුන්ගේ ක්‍රිප්ටෝ ආයෝජන ගැන මහ බැංකුවෙන් හදිසි තීරණයක්!

October 3, 2025
TikTok තහනම් කරන්න ගිය ට්‍රම්ප්, දැන් TikTok එකේම නටයි!

August 20, 2025

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • D.B. කූපර්: වසර 50කට පසුත් නොවිසඳුණු අභිරහසක නවතම හෙළිදරව්ව!
  • AI වීඩියෝවල අලුත්ම පෙරළිය! OpenAI හි Sora දැන් Android වලටත්!
  • අඟුරුවාතොට වෙල්යායේ අභිරහස් මරණය: තරුණ පියෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කරලා!
  • ලංකාවේ අභිමානය රැකෙන, දළදා මාළිගාවේ නව දියවඩන නිලමේ තෝරා ගැනීමේ නිලවරණය අද!
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .