ප්‍රවීණ ඉන්දීය බොලිවුඩ් සහ කොලිවුඩ් නිළි හංසිකා මොට්වානි මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඇය ඊයේ (ජූලි 9) මුම්බායි සිට මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.
මෙය ඇයගේ ප්‍රථම ශ්‍රී ලංකා සංචාරය වන අතර, ඇය දින දෙකක් මෙරට රැඳී සිටිනු ඇත.
වර්තමානයේ 33 වන වියේ පසුවන හංසිකා මොට්වානි මහත්මිය ප්‍රධාන වශයෙන් දෙමළ සහ තෙළිඟු චිත්‍රපටවලට රංගනයෙන් දායක වන ඉන්දීය නිළියකි. ඇය හින්දි චිත්‍රපටවල ළමා නිළියක ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර, පසුව දේසමුදුරු, කාන්ත්‍රි (2008) සහ මස්කා (2009) වැනි තෙළිඟු චිත්‍රපටවල ප්‍රධාන චරිත නිරූපණය කර ඇත.
