පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳවූ එයාර් ඉන්දියා ගුවන් අනතුර සම්බන්ධයෙන් මූලික වාර්තාව නිකුත් වී තිබෙනවා. මෙම වාර්තාව අනුව, අනතුරට පෙර යානයේ ඉන්ධන ස්විචය ක්‍රියා විරහිත වීම යානය කඩා වැටීමට මූලික හේතුව වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
අහමදාබාද් සිට ලන්ඩන් බලා පිටත් වූ ඉන්දියන් ගුවන් සමාගමට අයත් බෝයිං 787 වර්ගයේ මෙම යානය කඩා වැටීමට ලක් වූයේ පසුගිය මාසයේදීයි
වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ, මෙම අවස්ථාව වන විට නියමුවන් දෙදෙනා අතර ව්‍යාකූල තත්ත්වයක් පෙන්නුම් කර ඇති බවයි. ඔවුන්ගේ හඬ පටවලට අනුව, එක් නියමුවකු අනෙක් නියමුවාගෙන් මෙම ක්‍රියාව (ස්විචය ක්‍රියාවිරහිත වීම) තමන් අතින් සිදු වූවක්ද යන්න විමසා ඇති බව සඳහන්. ඊට ප්‍රතිචාර දක්වමින් අනෙක් නියමුවා එසේ නොමැති බව ප්‍රකාශ කර තිබුණු බව ද අදාළ වාර්තවේ ඇතුළත්.
කෙසේ වෙතත්, ගුවන් ක්ෂේත්‍රයේ විශේෂඥයින් සඳහන් කළේ, ආරක්ෂිත අගුල හේතුවෙන් ඉන්ධන ස්විච දෙකම ක්‍රියා විරහිත වීම අතිශය දුර්ලභ සිදුවීමක් බවයි.
මෙම අනතුරට හේතු වූ සම්පූර්ණ තත්ත්වය පිළිබඳව ඉදිරි විමර්ශනවලින් අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.