ඉඩමකට සහ එහි පිහිටි නිවසක අනවසරයෙන් ඇතුළු වීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ප්රවීණ ක්රිකට් විනිසුරු කුමාර ධර්මසේන සහ ඔහුගේ සමාගමේ අධ්යක්ෂක මණ්ඩලයේ 12 දෙනෙකුට එරෙහිව නියෝගයක් නිකුත් කර තිබෙනවා.
අදාළ ඉඩම සහ නිවස හිමි පුද්ගලයා විසින් ගොනු කර තිබූ නඩුවක් විභාගයට ගනිමින් කොළඹ අතිරේක මහේස්ත්රාත් පසන් අමරසේන මහතා විසින් ඔවුන්ට එරෙහිව නොතීසි නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන 12 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කුමාර ධර්මසේන ඇතුළු පිරිසට නියෝග කළා.
එහිදී මහේස්ත්රාත්වරයා විසින් නාරහේන්පිට පොලිසියටද නියෝග කළේ, මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසයි.