එකසිය තිස් තුන් දෙනකු රැගත් චීන මගී ගුවන් යානයක් කඩා වැටුණේ කන්දක හැපී පුපුරා ගොස් බවට ඇතැම් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
මෙයට ‘චයිනා ඊස්ටර්න්’ ගුවන් සේවයට අයත් රට අභ්‍යන්තර ගුවන් යානයකි.
බෝයිං 737 වර්ගයට අයත්, එම්.යූ 5735 නමැති මෙම ගුවන් යානය ගුවන්ෂි පළාතේ වූසෝ නගරයට නුදුරින් කඳුකරබද පළාතකට කඩා වැටුණු බව චීන මාධ්‍ය වාර්තා කර තිබේ. .
යානය වසර 6 ක් පැරැණි එකකි. යානය අනතුරට පත්වූයේ කෙසේදැයි වන්න මෙතෙක් අනාවරණය වී නැත. සිද්ධිය ගැන පුළුල් විමර්ශන ආරම්භ වී ඇත. අනතුර සිදුවූයේ අද (21) සවස චීනයේ වේලාවෙන් 2.22 ට පමණය.
රේඩාර් තිරයෙන් යානය අතුරුදන් වෙද්දී එය නොට් 376 ක වේගයකින් අඩු 3225 ක් ඉහළින් පියාසර කරමින් තිබුණු බව ද පැවැසෙයි.