අමෙරිකානු හමුදා සාමාජිකයින් 500 ක් යුක්රේනයට ආසන්න රටවල් කිහිපයක් වෙත කැදවා තිබෙනවා.
ඒ, රුසියාවට එරෙහිව යුද වදින යුක්රේනයේ සහයට නොව නේටෝ සංවිධානයේ රටවල් ශක්තිමත් කිරීමේ අරමුණින්. එම හමුදා බට පිරිස් කැදවා ඇත්තේ පෝලන්තය, රුමේනියාව මෙන්ම ජර්මනිය සහ ග්රීසිය ඇතුලු නේටෝ පාර්ෂවයේ රටවල් වෙතයි.
මේ අතර යුක්රේනය අද නිවේදනය කළේ රුසියානු ආක්රමනයට එරෙහි සටනේදී යුක්රේනයේ සහයට රටවල් 52 කින් ස්වේඡා සේවකයින් 20,000 ක් තම රටට පැමිණීමට කැමැත්ත පළ කර ඇති බවයි. රුසියාවේ, යුක්රේන ආක්රමණයේ 13 වන දිනය වන අදත් තවදුරටත් දෙපාර්ශවයේ හමුදා අතර දරුණු ගැටුම් පවතිනවා.