ක්‍රිකට් ලෝකයේ ආදරණීය චරිතයක් වන අපේම කුමාර් සංගක්කාරට 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී දැවැන්ත වගකීමක් පැවරිලා. ඒ, සුප්‍රකට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහායි!
2008 අයි.පී.එල් ශූරයන් වන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මේ සුබ ආරංචිය නිල වශයෙන් ඔවුන්ගේ ‘X’ ගිණුමේ පළ කළේ රජිනිකාන්ගේ ජේලර් චිත්‍රපටයේ ගීතයකට නිර්මාණය කළ විශේෂ වීඩියෝවක් සමඟින්. මේ වනවිටත් ඉන්දියාවේ මෙන්ම ලංකාවේ ක්‍රිකට් ලෝලීන් අතර මේ වීඩියෝව දැඩි කතාබහට ලක්වෙමින් තිබෙනවා.
මීට පෙර රාහුල් ඩ්‍රාවිඩ් ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත්වීමෙන් පසු පුරප්පාඩු වී තිබූ මෙම වැදගත් තනතුර සඳහා සංගා පත්වීම බොහෝ දෙනාගේ පැසසුමට ලක්වී තිබෙනවා. 2021 වසරේ සිට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස විශිෂ්ට සේවාවක් සැපයූ සංගක්කාරට මේ නව භූමිකාව විශිෂ්ට ලෙස හැසිරවීමට හැකිවනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරනවා. මේ පත්වීමත් සමඟින්, සංගා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තවත් ඉහළට ගෙන යනු ඇති බවට සැකයක් නැහැ!






























