• Advertise
  • About
  • Contact Us
Friday, July 11, 2025
Gossipking
No Result
View All Result
  • Home
  • News
    අප්සාරිට අත්වූ අකරතැබ්බය: පරණ සාරියක් නිසා නීති ප්‍රශ්නයක්?

    අප්සාරිට අත්වූ අකරතැබ්බය: පරණ සාරියක් නිසා නීති ප්‍රශ්නයක්?

    කොළඹ නගරාධිපති නිල නිවස ‘සිරිනිවාස’ මහජන යහපත යොදා ගැනීමට තීරණය කෙරේ

    කොළඹ නගරාධිපති නිල නිවස ‘සිරිනිවාස’ මහජන යහපත යොදා ගැනීමට තීරණය කෙරේ

    සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙලා! දැන්ම බලන්න!

    සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙලා! දැන්ම බලන්න!

    උතුරු ඉන්දියාවේ භූ කම්පනයක්

    උතුරු ඉන්දියාවේ භූ කම්පනයක්

    T20 ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ඒම ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුවයි – නායක චරිත් අසලංක

    T20 ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ඒම ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුවයි – නායක චරිත් අසලංක

    සැත්කමකට එකතු කළ මුදල් සහ රන් ආභරණ සොරාගත් ලේලිය මට්ටක්කුලියෙන් අත්අඩංගුවට!

    සැත්කමකට එකතු කළ මුදල් සහ රන් ආභරණ සොරාගත් ලේලිය මට්ටක්කුලියෙන් අත්අඩංගුවට!

  • Hot Gossip
    අප්සාරිට අත්වූ අකරතැබ්බය: පරණ සාරියක් නිසා නීති ප්‍රශ්නයක්?

    අප්සාරිට අත්වූ අකරතැබ්බය: පරණ සාරියක් නිසා නීති ප්‍රශ්නයක්?

    ආදරය ජයගත් රොෂාන් – තිළිණි ආදර කතාවේ සොඳුරු සටහනක්!

    ආදරය ජයගත් රොෂාන් – තිළිණි ආදර කතාවේ සොඳුරු සටහනක්!

    ඉන්දීය නිළි හංසිකා මොට්වානි ශ්‍රී ලංකාවට

    ඉන්දීය නිළි හංසිකා මොට්වානි ශ්‍රී ලංකාවට

    තරින්දි සහ චතුරගේ “මඟුල් ගෙදර” Photo Shoot එකක් විතරලු!

    තරින්දි සහ චතුරගේ “මඟුල් ගෙදර” Photo Shoot එකක් විතරලු!

    සචින් – දුෂේනි ප්‍රේම කතාවට තිත?

    සචින් – දුෂේනි ප්‍රේම කතාවට තිත?

    සජිතට විශේෂ දවසක්

    සජිතට විශේෂ දවසක්

    සටන පාවා දුන්න හසිත

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home News

රැජිනගේ අවමංගල්‍යය සිදුකෙරෙන හැටි

September 19, 2022
in News, World
0
රැජිනගේ අවමංගල්‍යය සිදුකෙරෙන හැටි
0
SHARES
61
VIEWS
Share on FacebookShare on Twitter

රැජිනගේ අවමංගල්‍යය සිදුකෙරෙන අද(19) දිනයේ විවිධවූ අංග රැසකින් එය සිදු කිරීමට නියමිත අතර ලන්ඩන් නගරය පුරා ආරක්ෂාවද තර කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

මෙම රාජ්‍ය අවමංගල්‍ය උත්සවය සිදුකෙරෙන ආකාරය එරට වේලාවන් සහිතව බිබිසි පුවත් සේවය වාර්තා කර තිබෙනවා

READ ALSO

අප්සාරිට අත්වූ අකරතැබ්බය: පරණ සාරියක් නිසා නීති ප්‍රශ්නයක්?

කොළඹ නගරාධිපති නිල නිවස ‘සිරිනිවාස’ මහජන යහපත යොදා ගැනීමට තීරණය කෙරේ

6:30 – වෙස්ට්මිනිස්ටර් ශාලාවේ දොරවල් වසා දැමීමෙන් පසු දෙවන එළිසබෙත් රැජිනගේ දේහයට මහජනයාට අවසන් ගෞරව දැක්වීමට ඇති කාලය අවසන් වනවා

8:00 – ලෝක නායකයන්ගේ සිට පුණ්‍යායතන සේවකයන් සහ ජපන් අධිරාජ්‍යයා දක්වා අපේක්ෂා කරන අමුත්තන් 2,000කට වැඩි පිරිසක් සඳහා පැමිණීමට වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයෙහි දොරවල් විවෘත වනු ඇති

10:44 – වෙස්ට්මිනිස්ටර් ශාලාවේ සිට වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානය දක්වා රැජිනගේ දේහය රාජකීය තුවක්කු සහිත කරත්තයක රාජකීය නාවිකයන් විසින් ගෙන යන විට, රැජිනගේ දේහය පිටුපසින් චාල්ස් රජු සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ රාජකීයයන් ගමන් කරමින්,පිටත් වීම ආරම්භ කරනවා

11:00 – රාජ්‍ය අවමංගල්‍ය සේවය ආරම්භ වනු ඇති

11:55 – දේවමෙහෙය අවසන්වීමෙන් පසු මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලබනවා

12:00 – දේවස්ථානයේ පැවති කටයුතු අවසන් වන අතර, 12 පසුවී තත්පර15 ට, විශාල පෙරහැරකින් රැජිනගේ දේහය වෙලින්ටන් ආරුක්කුව වෙත රැගෙන ඒම ආරම්භ කරනු ලබනවා

13:00 – රැජිනගේ දේහය රාජ්‍ය අවමංගල්‍ය රථයට මාරු කර මහජනතාව දෙපස රැඳී සිටින මාර්ගයක් ඔස්සේ වින්ඩ්සර් මාළිගය වෙත ගෙන යනු ලබනවා

15:00 – අවමඟුල් පෙරහැර වින්ඩ්සර් කාසල් භූමිය හරහා ශාන්ත ජෝර්ජ් දේවස්ථානය දක්වා ගමන් ආරම්භ වනවා

16:00 – ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ කැපකිරීමේ දේව මෙහෙය සිදුකරනු ලබනවා

19:30 – රාජකීය පවුල අවසන් කටයුතු සඳහා දේවස්ථානය වෙත ආපසු පැමිණෙන අතර, දෙවන එළිසබෙත් රැජිනගේ දේහය ඇගේ නැසීගිය සැමියා වන එඩින්බරෝ ආදිපාදවරයාගේ දේහය අසළින් තැන්පත් කරනු ලබනවා.

…………………………………………………………………………………..

Sep 19, 2022 at 10:54

එළිසබෙත් රැජිනගේ රාජ්‍ය අවමංගල්‍ය කටයුතු සිදුකෙරෙන අයුරු -UPDATE 02

වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර තිබු දෙවන එළිසබෙත් රැජිනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සිදුකිරීමට නියමිත අතර දහස් ගණනක සභාවක් ඉදිරිපිට ආගමික මෙහෙයන් සිදු කිරීමට නියමිතයි

වෙස්ට්මිනිස්ටර් ශාලාවේ සිට දේවස්ථානය දක්වා රාජකීය නාවික හමුදාවේ එකසිය හතළිස් දෙදෙනෙකු විසින් කරත්තය මත ඇගේ දේහය රැගෙන යනු ඇති .

මෙම කරත්තය අවසන් වරට  1952 දී රැජිනගේ පියා වන හයවන ජෝර්ජ් රජුගේ අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් භාවිතා කර ඇති අතර, පසුව 1979 දී පිලිප් කුමරුගේ මාමා වන මවුන්ට්බැටන් සාමිවරයාගේ අවමංගල්‍ය කටයුතු සඳහා යොදා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

අද (19) දිනයේ එළිසබෙත් රැජිනගේ දේහය රැගෙන යන ගමන් මාර්ගය විදෙස් මාධ්‍ය දක්වා තිබෙන්නේ පහත අයුරිනුයි

චාල්ස් රජු සහ ඔහුගේ පුතුන් වන විලියම් කුමරු සහ හැරී කුමරු ඇතුළු රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් මෙම කරත්තය සමගින් ගමන් කරනු ඇති

මෙම මාර්ගයේ රාජකීය නාවික හමුදාව සහ රාජකීය මැරීන් භටයින් පෙළගැසෙනු ඇති

එමෙන්ම පාර්ලිමේන්තු චතුරශ්‍රයේදී ගෞරව සම්මාන වෙඩි මුරද පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

අමුත්තන් 2,000කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන රැජිනගේ අවමංගල්‍ය කටයුතු වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී එරට වේලාවෙන් උදේ 11ට පමණ ආරම්භ වීමට නියමිතයි.

රාජකීය අවමංගල්‍ය සිදුකෙරෙන වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ ඇතුළත පිහිටීම පිළිබඳව බිබිසි පුවත් සේවය වාර්තා කර ඇත්තේ පහත අයුරිනුයි

වෙස්ට්මිනිස්ටර්හිදී ඩේවිඩ් හොයිල් විසින් දේව මෙහෙය මෙහෙයවනු ලබන අතර, කැන්ටබරි අගරදගුරු ජස්ටින් වෙල්බි විසින් දේශනය පවත්වනු ලබනවා

දේව මෙහෙයෙන් අනතුරුව, රැජිනගේ දේහය වෙස්ට්මිනිස්ටර් ඇබේ සිට වෙලින්ටන් ආරුක්කුව දක්වා පාගමනකින් ගෙන යනු ලබනවා

එම මාර්ග සිතියම පහතින් දැකිය හැකියි

මෙම මාර්ගයේ නියමිත නැරඹුම් ස්ථානවල සිට මහජනතාවට දේහය නැරඹීමේ අවස්ථාව ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

නැවත වරක් රාජකීය පවුලේ සාමාජිකයන් රැජිනගේ දේහය සහිත කරත්තය පිටුපසින් ගමන් කරනු ඇති

වෙලින්ටන් ආරුක්කුවට ගිය පසු, එරට වේලාවෙන් සවස 1ට පමණ, දේහය වින්ඩ්සර් කාසල් වෙත රැගෙන යාමට අවමංගල්‍ය රථය වෙත මාරු කරනු ලබනවා

වින්ඩ්සර් කාසල් වෙත රැගෙන එන මාර්ග සිතියම පහතින් දැක්වෙනවා

වින්ඩ්සර් මාලිගාව, රැජිනගේ ජීවිත කාලය පුරාම විශේෂ වැදගත්කමක් දරන ස්ථානයක් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මාලිගාවේ කුළුණු සීනු සෑම මිනිත්තුවකම නාද කරනු ලබන අතර මාලිගාවේ භූමියේ සිට ආචාර වෙඩිමුර පවත්වමින් දේහය ශාන්ත ජෝර්ජ් දේවස්ථානයට ගෙන යාමට නියමිතයි.

ශාන්ත ජෝර්ජ් දේවස්ථානය යනු රාජකීය පවුල විසින් මංගල උත්සව, බව්තීස්ම සහ අවමංගල්‍ය කටයුතු සඳහා තෝරා ගන්නා දේවස්ථානයයි

හැරී කුමරු සහ මේගන් 2018 දී විවාහ වූ ස්ථානයද මෙය වන අතර රැජිනගේ නැසීගිය සැමියා වන පිලිප් කුමරුගේ අවමංගල්‍යය පැවැත්වුණේද මෙම ස්ථානයේ බවයි විදෙස් මාධ්‍ය සඳහන්  කර ඇත්තේ

මෙම අවස්ථාවට ආරාධිතයන් 800කින් පමණ සහභාගී වන අතර කැන්ටබරි අගරදගුරු ජස්ටින් වෙල්බිගේ ආශිර්වාදය ඇතිව ඩේවිඩ් කොනර් විසින් දේවස්ථානයේ කටයුතු මෙහෙයවනු ලබනවා

රැජිනගේ පාලනයේ අවසානය සංකේතවත් කරන සම්ප්‍රදායන් මෙම සේවාවට ඇතුළත් වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

චාරිත්‍රානුකූල ආගමික මෙහෙයන් කිහිපයකින් පසු කැපවීමේ සේවය අවසන් වන අතර රජු සහ රාජකීය පවුලේ සාමාජිකයන් දේවස්ථානයෙන් පිටව යනු ඇති.

පසුව රැජිනගේ දේහය ඇගේ නැසීගිය සැමියා වන එඩින්බරෝ ආදිපාදවරයාගේ දේහය අසලින්ම තැන්පත් කිරීමට නියමිතයි.

ඇගේ කිරිගරුඬ පුවරුව ELIZABETH II 1926-2022 ලෙස කැටයම් කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

……………………………………………………..

Sep 19, 2022 at 08:48

අද අවසන් ගමන් යන දෙවන එළිසබෙත් රැජින

දෙවන එළිසබෙත් රැජිනගේ අවසන් කටයුතු අද (19) සිදු කිරීමට නියමිතයි

ලොව පුරා සිටින රාජ්‍ය නායකයින් රැසක් මේ වනවිටත් රැජිනට අවසන් ගෞරව දැක්වීම සඳහා එරටට පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියද ඊයේ (18) දිනයේ රැජිනට අවසන් ගෞරව දැක්වීමට එකතුවුණා

දින ගණනාවක් පුරා වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර තිබු දේහය අවසන් කටයුතු සඳහා ආගමික මෙහෙයන් සිදු කිරීමෙන් පසු වින්ඩ්සර් කාසල් වෙත රැගෙන යනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

දෙවන එළිසබෙත් රැජිනගේ රාජ්‍ය අවමංගල්‍යයේ දේව මෙහෙය ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ශාලාවේදී 2,000 වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකිරීමට නියමිතයි.

දේව මෙහෙයෙන් පසු රැජිනගේ දේහය ලන්ඩනයේ හයිඩ් පාර්ක් කෝනර්හි පිහිටි වෙලින්ටන් ආරුක්කුව වෙත රැගෙන යනු ඇති අතර වින්ඩ්සර් කාසල්හි දේවස්ථානයක අවසන් කටයුතු පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

Related Posts

අප්සාරිට අත්වූ අකරතැබ්බය: පරණ සාරියක් නිසා නීති ප්‍රශ්නයක්?
Celebrities

අප්සාරිට අත්වූ අකරතැබ්බය: පරණ සාරියක් නිසා නීති ප්‍රශ්නයක්?

July 11, 2025
කොළඹ නගරාධිපති නිල නිවස ‘සිරිනිවාස’ මහජන යහපත යොදා ගැනීමට තීරණය කෙරේ
News

කොළඹ නගරාධිපති නිල නිවස ‘සිරිනිවාස’ මහජන යහපත යොදා ගැනීමට තීරණය කෙරේ

July 11, 2025
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙලා! දැන්ම බලන්න!
News

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙලා! දැන්ම බලන්න!

July 11, 2025
Tesla වාහනවලට Chatbot සේවාවක් – Elon Musk කියයි!
Tech

Tesla වාහනවලට Chatbot සේවාවක් – Elon Musk කියයි!

July 11, 2025
උතුරු ඉන්දියාවේ භූ කම්පනයක්
News

උතුරු ඉන්දියාවේ භූ කම්පනයක්

July 10, 2025
මේ දවස්වල යන්න හොඳම රට – ස්විට්සර්ලන්තය!
Travel

මේ දවස්වල යන්න හොඳම රට – ස්විට්සර්ලන්තය!

July 10, 2025
Next Post
එදා පාපතරයන් විසින් ‘කෙලෙසා මරා දැමූ පුංචි සේයා ගැන’ අද ඇසෙන කතාව(PHOTOS)

එදා පාපතරයන් විසින් 'කෙලෙසා මරා දැමූ පුංචි සේයා ගැන' අද ඇසෙන කතාව(PHOTOS)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022
මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

April 5, 2023

EDITOR'S PICK

නිදියහන මතදී සැමියා ඝාතනය කර බිරිය නිවසින් පැන ගිහින්

නිදියහන මතදී සැමියා ඝාතනය කර බිරිය නිවසින් පැන ගිහින්

August 20, 2022
රූ රැජින තරඟයකදී මේකප් නොමැතිව තරග කළ පළමු රුවැත්තිය

රූ රැජින තරඟයකදී මේකප් නොමැතිව තරග කළ පළමු රුවැත්තිය

August 28, 2022
උපන්දිනය හරියට කිව්වොත් ඕෂධීගෙන් රසම රස කේක් කෑල්ලක් ගෙදරටම

උපන්දිනය හරියට කිව්වොත් ඕෂධීගෙන් රසම රස කේක් කෑල්ලක් ගෙදරටම

January 3, 2024
විවාහ සංවත්සරය වෙනුවෙන් මහේෂි හස්බන්ඩ් එක්ක ෆොටෝ ගහලා

විවාහ සංවත්සරය වෙනුවෙන් මහේෂි හස්බන්ඩ් එක්ක ෆොටෝ ගහලා

November 9, 2023

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • World

Recent Posts

  • මල් ඔන්චිල්ලා ගයද්දි හනාට මල් වැස්සක්!
  • අප්සාරිට අත්වූ අකරතැබ්බය: පරණ සාරියක් නිසා නීති ප්‍රශ්නයක්?
  • Samsung ගෙන් අලුත්ම “Tri-Fold” ෆෝන් එකක් !
  • අසල්වැසි ස්ත්‍රිය නානවා බැලූ නිසා ඇති වූ ආරවුලකින් ඇසිඩ් ප්‍රහාරයක්
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .