මනාලියක් වීමට සිහින මවමින් සිටි තරුණියකගේ ජීවිතය අකාලයේ නැති කරමින්, දකුණු අධිවේගී මාර්ගයේදී ඛේදනීය රිය අනතුරක් සිදුවී තිබේ. ගැලනිගම සහ කහතුඩුව අන්තර් හුවමාරු මධ්‍යස්ථාන අතර, කිලෝමීටර් 9.6 කණුව ආසන්නයේදී ඊයේ 16 අලුයම 12.10ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ, පවුල් දෙකක සාමාජිකයන් අටදෙනෙකු ගමන් ගත් වෑන් රථයක් අධිශීතකරණ ලොරි රථයක පිටුපස ගැටීමෙනි. අනතුරින් මනාලියක් වීමට සිටි සඳමාලි නම් තරුණිය මියගොස් ඇති අතර, කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු තවත් හත් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. පොලිසිය සඳහන් කරන පරිදි, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන කාන්තාවගේ සැමියා ඊශ්‍රායලයේ සිට පැමිණීමට නියමිතව සිටි අතර, තුවාල ලැබූ දරුවන් තිදෙනා ඔවුන්ගේ දරුවන් බවද වාර්තා වේ. වෑන් රථයට බරපතළ හානි සිදුවී ඇති අතර, ලොරි රථයට සුළු හානි සිදුව තිබේ. මෙම ඛේදවාචකය පිළිබඳව ගැලනිගම අධිවේගී මාර්ග පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.