පොළොන්නරුව – හිඟුරක්ගොඩ මාර්ගයේ හතමුණ, මයිලගස් හන්දිය ප්‍රදේශයේ දී ඊයේ (ජූලි 15) සිදු වූ ඛේදනීය රිය අනතුරකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ, පොළොන්නරුව දෙස සිට හිඟුරක්ගොඩ දෙසට ධාවනය වෙමින් තිබූ කැන්ටර් වර්ගයේ ලොරි රථයක පිටුපස ගමන් කරමින් සිටි පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස ලොරි රථයෙන් බිමට වැටී, එම රථයේම පසුපස රෝදයට යටවීමෙනුයි. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා.
අනතුරින් මියගොස් ඇත්තේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේම පදිංචිව සිටි 56 හැවිරිදි ත්‍රිදරු පියෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු සහ අදාළ රථය හිඟුරක්ගොඩ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් රියදුරු අද (ජූලි 16) දහවල් හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හිඟුරක්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා.