මාතර පොලිස් වසමේ පරවි දූපතට පිවිසෙන පාලම යට මුහුදේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. මාතර පොලිසියට ලද තොරතුරක් මත ඊයේ (ජූලි 11) රාත්‍රී කාලයේදී මෙම මළ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සොයාගෙන ඇති මළ සිරුර වයස අවුරුදු 40 ත් 45 ත් අතර පමණ වන කාන්තාවකගේ බවට හඳුනාගෙන ඇතත්, ඇයගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.
පොලීසිය සඳහන් කළේ, අදාළ කාන්තාව අඩි 05ක් පමණ උසැති අයෙකු වන අතර, සිද්ධිය වන විට කළු සහ කහ වර්ණයෙන් යුත් බ්ලවුසයක් සහ කළු වර්ණයෙන් යුත් කොට සායක් ඇඳ සිටි බවයි.
මාතර පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මියගිය කාන්තාවගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට සහ මරණයට හේතුව නිශ්චය කර ගැනීමට කටයුතු කරමින් සිටිනවා.