කොස්ගොඩ පොලිස් වසමේ හතරමං හන්දිය ප්‍රදේශයේදී අද (ජූලි 11) සවස සිදුකළ වෙඩි තැබීමකින් 24 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා තිබෙනවා. පොලිසිය පවසන්නේ ඔහු කොස්ගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි.
වාර්තා වන තොරතුරු අනුව, මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ අදාළ තරුණයා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදීයි.
තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට බලපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.