මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර ගිය පුවතක් වූයේ ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) සහ මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය ගංවතුරට සම්පූර්ණයෙන්ම යටවෙමින් පවතින බවයි. මෙම තොරතුරු හේතුවෙන් මහජනතාව අතර දැඩි කැළඹීමක් ඇති වුවද, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් දැන් නිල වශයෙන් නිවේදනය කරන්නේ මෙම වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. අමාත්‍යාංශය අවධාරණය කරන්නේ, මෙම රෝහල් දෙකම සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත්, රෝගී සේවාවන්ට කිසිදු බාධාවක් සිදුව නොමැති බවත්ය. මුල්ලේරියාව රෝහල අවට ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් පැවතියද, එය රෝහලේ දෛනික කටයුතුවලට කිසිසේත් බලපා නොමැති බවද ඔවුන් පෙන්වා දෙයි. එබැවින්, මෙවැනි අසත්‍ය සමාජ මාධ්‍ය වාර්තා හේතුවෙන් අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී. වැඩිදුර තොරතුරු හෝ පැහැදිලි කිරීම් අවශ්‍ය නම්, පැය 24 පුරා ක්‍රියාත්මක 1926 ක්ෂණික දුරකථන අංකයට ඇමතීමටද හැකියාව ඇත. ප්‍රවෘත්තිවල සත්‍යතාව තහවුරු කරගැනීමකින් තොරව කිසිවක් විශ්වාස නොකරන ලෙස GossipKing අපිත් ඔබෙන් ඉල්ලා සිටිමු.































