බොලිවුඩයේ ආදර කතා අතරේ වැඩිපුරම කතාබහට ලක්වුණේ සල්මන් ඛාන් සහ අයිශ්වර්යා රායි බච්චන්ගේ ආදර සම්බන්ධයයි. ‘Hum Dil De Chuke Sanam’ චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදී පෙම්වතුන් වූ ඔවුන් වසර තුනකට ආසන්න කාලයක් පෙම් සබඳතාවක් පවත්වා 2002 දී වෙන්ව ගියා. ඔවුන් දෙදෙනා ‘Hum Dil De Chuke Sanam’ චිත්‍රපටයේ එකට රඟපෑ බව බොහෝ දෙනා දන්නා කරුණක් වුවත්, ඔවුන් තවත් චිත්‍රපටයක එකට පෙනී සිටි බව බොහෝ දෙනා නොදන්නවා ඇති. විශේෂත්වය වන්නේ එම චිත්‍රපටයේ අයිශ්වර්යාගේ වත්මන් සැමියා වන අභිෂේක් බච්චන් ද රඟපෑමයි.2000 වසරේ රාජ් කන්වාර් අධ්‍යක්ෂණය කළ ‘Dhaai Akshar Prem Ke’ චිත්‍රපටයේ අයිශ්වර්යා සහ අභිෂේක් ප්‍රධාන චරිත නිරූපණය කළ අතර, සල්මන් ඛාන් එහි කෙටි ආරාධිත රංගනයකින් (cameo) දායක විය. X (පෙර Twitter) සමාජ මාධ්‍ය ජාලයේ පරිශීලකයෙකු විසින් මේ දිනවල හුවමාරු වන මෙම චිත්‍රපටයේ කොටසකින් දැක්වෙන්නේ සල්මන් ට්‍රක් රථ රියදුරෙකු ලෙසත්, අභිෂේක් ඔහු අසල වාඩි වී සිටින අයුරුත්ය. ට්‍රක් රථය ගමන් කරන විට, අයිශ්වර්යා පාරේ සිට ලයිෆ් එකක් ඉල්ලා අත වනන අයුරු දැක්වෙන නමුත්, ට්‍රක් රථය ඇය පසුකර ඉදිරියට ඇදී යයි. මේ දසුන අදටත් රසිකයන් අතරේ කතාබහට ලක්වන සිදුවීමක් වී ඇත්තේ, වසර ගණනාවකට පසු අයිශ්වර්යා සහ අභිෂේක් විවාහ වී සල්මන් ඇයගේ හිටපු පෙම්වතා වීම නිසාය. සිනමා ඉතිහාසයේ මෙවැනි අහඹු සිදුවීම් බොහෝ විට දැකිය හැකියි.






























