ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පීන් දෙදෙනෙක් වන සචින් ලියනගේ සහ දුෂේනි මියුරංගි අතර පැවති පෙම් සබඳතාව බිඳවැටී ඇති බවට මේ වන විට රහසිගත ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා. ඔවුන් දෙදෙනා සැබෑ ජීවිතයේ පෙම්වතුන් බවට ප්‍රසිද්ධව තිබුණා.
මේ ප්‍රේම කතාව බිඳී යාමට ප්‍රධාන හේතුවක් ලෙස කරුණු වාර්තා වන්නේ, දුෂේනි රංගනයට දායක වූ ටෙලි නාට්‍ය ගණනාවක් අතරමගදී අත්හැර දැමීමට සිදුවීමයි. ඒ සඳහා සචින් ලියනගේගෙන් බාධා එල්ල වී ඇති බවයි අපිට ලැබෙන ආරංචි.
විශේෂයෙන්ම, දුෂේනි වෙනත් නළුවන් සමඟ රඟපාන ආදරණීය දර්ශනවලදී සචින් ඊට දැඩි ලෙස අකැමැත්ත පල කර ඇති බව සඳහන්. සමහර අවස්ථාවලදී රූගත කිරීම් අතරතුර, දුෂේනි නළුවෙකුගේ අතක් ඇල්ලුවත්, සචින් ඇයට දුරකථන ඇමතුම් දී බැණ වැදී ඇති බවටයි අපේ ආරංචි මාර්ග තහවුරු කරන්නේ.
මෙවැනි සිදුවීම් ගණනාවක් හේතුවෙන්, මේ වන විට බොහෝ දෙනෙක් ආදරය කළ සචින් සහ දුෂේනිගේ ප්‍රේම සබඳතාව නිමාවට පත්ව ඇති බවටයි පැතිර යන රහස් ආරංචි වලින් කියැවෙන්නේ. කෙසේ නමුත්, මේ පිළිබඳව ඔවුන් දෙදෙනාගෙන් නිල තහවුරු කිරීමක් මෙතෙක් සිදුවී නැහැ.