MDLP Entertainment විසින් සංවිධානය කරපු “හාදකම්” එළිමහන් ප්‍රසංගය පසුගියදා (ජූලි 05) රසික හදවත්වලට අලුත් අත්දැකීමක් එක් කළා. මේ ප්‍රසංගයේදී බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණේ හනා ශෆා වේදිකාවට ඇවිත් “මල් ඔන්චිල්ලා” ගීතය ගයන මොහොතයි.
හනාගේ හඬින් “මල් ඔන්චිල්ලා” ගීතය වේදිකාව පුරා පැතිරෙද්දී, ඇයව පුදුම කරමින් ඩ්‍රෝනයක් (drone) මගින් මල් පෙති වැස්සක් වේදිකාව මතට පතිත වුණා. මේ අපූරු දසුන ප්‍රසංගයට පැමිණ සිටි සියලු දෙනාගේ සිත් වශී කළා.
ගීතයේ තනුවටත්, හනාගේ රංගනයටත්, මල් පෙති වැස්සටත් මුළු වේදිකාවම එකම සෞන්දර්යාත්මක අත්දැකීමක් බවට පත් වුණා. ප්‍රේක්ෂකයෝත් මේ අපූරු අවස්ථාවට හරිම කැමැත්තෙන් ප්‍රතිචාර දැක්වුවා.
MDLP Entertainment මේ විදිහට ප්‍රසංගවලට අලුත් අත්දැකීම් එකතු කරන එක නම් අගය කරන්න ඕන දෙයක්. මේ වගේ දේවල් නිසා ප්‍රසංග තවත් ලස්සන වෙනවා වගේම, රසිකයෝත් ඒවාට තවත් ආස කරනවා.