මේ දිනවල රටට බලපා ඇති දරුණු ආපදා තත්ත්වය හමුවේ, ත්‍රිවිධ හමුදාව, මාධ්‍ය ආයතන මෙන්ම බොහෝ කලාකරුවන්ද පෙරමුණට පැමිණ සහන කටයුතුවලට දායක විය. නමුත් මේ අතරතුර, ලාංකීය කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ ගායන ශිල්පී අජිත් මුතුකුමාරන මහතා සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ ප්‍රකාශයක් මේ වන විට දැඩි කතාබහට ලක්ව තිබේ. තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු ප්‍රශ්න කර ඇත්තේ, මෙවන් අවස්ථාවක කලාකරුවන්ගේ සංගම් සිටින්නේ කොහේද යන්නයි. ‘මමත් සින්දු 1300ක් කියපු එකෙක්. සතයක් එපා, ඕන නම් මම දෙන්නම්. හැංගිලාම හිටපල්ලා, ඒ බය ඇති. ඊයා බන් ලැජ්ජයි 🤭🤭’ යනුවෙන් දැඩි ලෙස විවේචනය කරමින් ඔහු පවසා ඇත්තේ, කලා සංගම්වල නිහඬතාවය තමාට ලැජ්ජාවක් බවයි. ආපදාවකදී පවා මෙලෙස නිහඬව සිටින සංගම්වල ක්‍රියාකලාපය පිළිබඳව කලා ක්ෂේත්‍රය තුළින්ම මෙවන් ප්‍රබල හඬක් නැගීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇත.






























