ශ්‍රී ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පියෙකු ලෙස සිනමාවට, වේදිකාවට සහ රූපවාහිනියට අමිල මෙහෙවරක් කළ නලින් ප්‍රදීප් උඩවෙල මහතා අභාවප්‍රාප්ත වූ බවට වාර්තා වේ. මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්වීම කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනාට දැඩි කම්පනයක් ගෙන දී ඇත. ඔහුගේ වියෝව පිළිබඳව දැනගත් සැණින් කලාකරුවන් රැසක් සිය දැඩි කණගාටුව පළ කර ඇති අතර, ප්‍රේක්ෂක සිත් සතන් තුළ නොමැකෙන මතකයක් ඉතිරි කරමින් ඔහු මෙලෙස සමුගැනීම මුළු මහත් කලා ලෝකයටම පිරිමැසිය නොහැකි පාඩුවක් බවට පත්ව ඇත.