බෝලිවුඩයේ ආදරණීයම යුවළක් වන කැත්‍රිනා කයිෆ් සහ විකී කෞෂාල් ඉක්මනින්ම දෙමාපියන් වීමට සූදානම් වන බවට ආරංචි මාර්ග තහවුරු කර තිබෙනවා. ඔවුන් නිල වශයෙන් මේ ගැන කිසිදු ප්‍රකාශයක් කර නොමැති වුවත්, NDTV වෙබ් අඩවිය වාර්තා කරන්නේ කත්‍රිනා සිය පළමු දරුවා අපේක්ෂාවෙන් සිටින බවත්, එම සුබ ආරංචිය ඔක්තෝබර්-නොවැම්බර් මාසවලදී ලැබෙනු ඇති බවත්ය. කැත්‍රිනාගේ ගැබ් ගැනීම පිළිබඳ කටකතා මාස ගණනාවක් තිස්සේ පැතිර ගියද, යුවළ මේ දක්වා ඒ පිළිබඳව නිහඬව සිටියා. කටකතා පැතිරීමත් සමඟ කැත්‍රිනා ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් වැළකී සිටියේ, මෙම රහස ආරක්ෂා කරගැනීමට විය හැකියි. දරුවා ඉපදුණු පසු දීර්ඝ මාතෘ නිවාඩුවක් ගැනීමට ඇය සැලසුම් කර ඇති බවත්, මවක් ලෙස තම දරුවා සමඟ උපරිම කාලය ගත කිරීමට ඇය අපේක්ෂා කරන බවත් වාර්තා වේ. මීට පෙර, Bad Newz චිත්‍රපටයේ ට්‍රේලර් එළිදැක්වීමේ අවස්ථාවේදී, විකී කෞෂාල්ගෙන් කැත්‍රිනාගේ ගැබ් ගැනීම පිළිබඳව විමසූ විට, ඔහු ඉතා සූක්ෂම ලෙස මෙසේ පැවසුවා: “සුබ ආරංචියක් (ගැබ් ගැනීම) ගැන නම්, අපි එය ඔබ සමඟ බෙදා ගැනීමට ඉතා සතුටු වන්නෙමු, නමුත් දැනට, මේ කටකතාවල කිසිදු සත්‍යයක් නැහැ. දැනට Bad Newz චිත්‍රපටය රසවිඳින්න, හොඳ ආරංචියක් ලැබුණු විට අපි එය ඔබ සමඟ බෙදා ගන්නෙමු.” ඔහු එදා “හොඳ ආරංචිය” ගැන කතා කළේ මේ “ගුඩ් නිවුස්” එක ගැනදැයි දැන් බොහෝ දෙනා කල්පනා කරනවා ඇති. (Source NDTV)