41 වන මිසිස් වර්ල්ඩ් (Mrs. World) රූ රැජින තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ සබීනා යූසුෆ් මහත්මිය තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබේ. එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස් නුවරදී පැවති මෙම ගෝලීය රූ රැජින තරගයේදී ඇය අවසන් 20 දෙනා අතරටද පිවිසි අතර, ‘මිසිස් ෆොටෝජෙනික්’ (Mrs. Photogenic) සම්මානයෙන්ද පිදුම් ලැබුවාය. මිසිස් වර්ල්ඩ් යනු ලොව පුරා තරඟකාරියන් ආකර්ෂණය කරන දීර්ඝතම ජාත්‍යන්තර රූ රැජින තරඟාවලි අතරින් එකකි. මෙම තරගයේ ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් හිමි වන අතර, එහි මංගල කිරුළ දිනා ගනු ලැබුවේ රෝසි සේනානායක මහත්මිය විසිනි. සබීනා යූසුෆ් මහත්මියට සහය දැක්වීම සඳහා රෝසි සේනානායක මහත්මියද නෙවාඩා හි පැවති මෙම තරගාවලියට සහභාගී වී සිටියාය. මෙම ජයග්‍රහණයත් සමඟ සබීනා යූසුෆ් මහත්මිය, මිසිස් වර්ල්ඩ් ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන ජයග්‍රහණ ගණනාවකට තවත් කිරුළක් එක් කළාය.






























