රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වසර හතරකට පසු ඉන්දියාවට පැමිණීමත් සමඟ, ලොවම ඔහුගේ දැවැන්ත ආරක්ෂක රථ පෙළේ ඇති සුවිශේෂී වාහනයක් ගැන කතාබහට ලක්ව තිබෙනවා. මෙය සාමාන්‍ය මෝටර් රථයක් නොව, ‘ඇවිදින බලකොටුවක්’ ලෙස හැඳින්විය හැකි ‘Aurus Senat’ නම් වූ රුසියානු නිෂ්පාදනයක්. පුටින්ගේ ආරක්ෂාව වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය කර ඇති මෙම රථය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීම ඇතුළු සියලු රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා ඔහුට සෙවණ සපයනවා. මීට පෙර රුසියානු නායකයන් විදේශීය සුඛෝපභෝගී රථ භාවිතා කළත්, Aurus Senat රථය භාවිතයට ගැනීමත් සමඟ එය “රුසියානු රෝල්ස් රොයිස්” ලෙස ලොව පුරා ප්‍රසිද්ධ වුණා. ‘Kortezh’ ව්‍යාපෘතිය යටතේ සම්පූර්ණයෙන්ම රුසියාවේදී නිපදවූ මෙම ලිමොසින් රථය, 2018 දී පුටින්ගේ දිවුරුම් දීමේ උත්සවයේදී ප්‍රථම වරට කරලියට ආවා. මෑතකදී උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට පවා මෙවැනි රථයක් තෑගි ලෙස ලැබීම මෙහි ඇති සුවිශේෂීත්වය කියාපානවා. මෙම රථය සරල ප්‍රහාරවලට පමණක් නොව, බරපතල යුධමය තත්වයන්ට පවා ඔරොත්තු දෙන ලෙස නිර්මාණය කර තිබීම ඇත්තෙන්ම පුදුම සහගතයි. ස්නයිපර් උණ්ඩ, බර අවි, සන්නාහ විදින උණ්ඩ, ඩ්‍රෝන ප්‍රහාර සහ බෝම්බ පිපිරීම්වලට පවා ඔරොත්තු දෙන ශක්තිමත් ආවරණයක් මෙයට තිබෙනවා. හදිසි අවස්ථාවකදී ජලයට වැටුණොත් සබ්මැරීනයක් මෙන් පාවී යාමේ හැකියාවත්, රසායනික වායු ප්‍රහාරයකදී පිටත වාතය ඇතුළට නොගෙන ක්‍රියාත්මක වන ස්වාධීන ඔක්සිජන් පද්ධතියකුත්, ටයර්වලට හානි වුවත් අධික වේගයෙන් ධාවනය කළ හැකි තාක්ෂණයකුත් මේ රථය සතුයි. ලීටර් 4.4 ක Twin-turbo V8 හයිබ්‍රිඩ් එන්ජිමකින් බලගැන්වෙන මෙම රථය තත්පර කිහිපයකින් පැයට කිලෝමීටර් 100 ක වේගයක් ලබා ගන්නවා. එහි ඇතුළත සුඛෝපභෝගීත්වය අතින් කිසිවකුට දෙවැනි නැහැ. සාමාන්‍ය Aurus Senat රථයක් රූබල් මිලියන 18 ක් වුවත්, පුටින් භාවිතා කරන විශේෂිත රථය එහි ඇති රහසිගත ආරක්ෂක උපාංග නිසා ඊට වඩා දෙගුණයක් පමණ මිලෙන් අධික බවයි වාර්තා වෙන්නේ. පසුගිය සැප්තැම්බර් මාසයේ චීනයේ පැවති සමුළුවකදී අග්‍රාමාත්‍ය මෝදි පවා පුටින් සමඟ මේ රථයේ ගමන් කර තිබෙනවා. එහිදී පුටින්, මෝදි වෙනුවෙන් විනාඩි දහයක් පමණ බලා සිටි බවත්, ඔවුන් දෙදෙනා විනාඩි 60 කට ආසන්න කාලයක් රථය තුළදී වැදගත් සාකච්ඡාවක නිරත වූ බවත් සඳහන්. මේ අපූරු රථය, පුටින්ගේ බලය සහ ආරක්ෂාව ලොවටම කියාපාන සංකේතයක් වී හමාරයි.





























