බොලිවුඩයේ සුරූපී නිළි සමන්තා රූත් ප්‍රභූ, අධ්‍යක්ෂ රාජ් නිඩිමෝරු සමඟ රහසින්ම විවාහ වී ඇති බව ඇගේ රසිකයින්ට පුදුමයක් ගෙන දෙමින් නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. මාස ගණනාවක් තිස්සේ ඔවුන්ගේ සම්බන්ධය පිළිබඳව පැතිර ගිය කටකතා සහ සමන්තා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ රාජ් පිළිබඳව ඉඟි පළ කිරීමෙන් පසුව, ඔවුන් දෙදෙනාගේම විවාහ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා. 2024 වසරේ සිට පෙම් සබඳතාවක් පවත්වන බවට ආරංචි පැතිර ගිය මෙම යුවළ සඳුදා උදෑසන තමිල්නාඩුවේ කෝයිම්බතූර් හි ඊෂා පදනමේ ලිංග භෛරවි කෝවිලේදී ඉතාමත් පෞද්ගලික අයුරින් විවාහ වී තිබෙනවා. මෙම විවාහය බොලිවුඩ් කවයන් තුළ විශාල කතාබහක් ඇති කර ඇති අතර, රසිකයින් බොහෝ දෙනෙක් ඔවුන්ට සුබ පතා තිබෙනවා.






























