පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා දැවැන්ත විදුලිය බිඳ වැටීම් සංඛ්‍යාවක් වාර්තා වන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසනවා. වාර්තා වන අන්දමට, මේ වන විට මුළු විදුලිය බිඳ වැටීම් ප්‍රමාණය 65,000කට ආසන්න වී ඇති අතර, එයින් 26,000ක් පමණ යථා තත්ත්වයට පත් කිරීමට හැකි වී තිබෙනවා. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඉතිරි සියලු බිඳ වැටීම් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය මේ වන විටත් යොදවා ඇති බවයි. මේ නිසා බොහෝ ප්‍රදේශ තවමත් අඳුරේ ගිලී ඇති අතර, විදුලිය නොමැතිව ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවට තොරතුරු වාර්තා වේ.






























