ඉතාමත් ජනප්‍රිය ඔඩියා ගායකයෙකු වන හියුමන් සාගර්, වයස අවුරුදු 35ක් තරම් තරුණ වියේදීම අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන තිබෙනවා. පසුගිය සඳුදා සවස භූබනේෂ්වර් AIIMS රෝහලේදී ඔහු මියගොස් ඇති බවට වාර්තා වන අතර, දින තුනක් තිස්සේ දැඩි සත්කාර ඒකකයේ ජීවිත ආධාරක යන්ත්‍ර ආධාරයෙන් ඔහුගේ තත්ත්වය ස්ථාවර කිරීමට වෛද්‍යවරුන් දැඩි උත්සාහයක් ගෙන තිබුණත් එය සාර්ථක වී නැහැ.රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ දරුණු නියුමෝනියාව, අක්මාවේ සහ වකුගඩුවල ක්‍රියාකාරීත්වය අඩපණ වීම, හෘදයාබාධ තත්ත්වයන් ඇතුළු බරපතල රෝගාබාධ රැසකින් ඔහු පීඩා විඳ ඇති බවයි. බහුවිධ ඉන්ද්‍රිය අක්‍රිය වීමේ සින්ඩ්‍රෝමය (MODS) හේතුවෙන් ඔහුගේ තත්ත්වය අතිශයින්ම බරපතල වී තිබූ බව වෛද්‍යවරු පවසා සිටිනවා.ඔහුගේ හදිසි වියෝව පිළිබඳව ඔඩිෂා ප්‍රධාන අමාත්‍ය මෝහන් මාජි මහතා ඇතුළු ඉන්දීය දේශපාලනඥයන් සහ කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් සිය බලවත් කණගාටුව හා ශෝකය පළ කර තිබෙනවා. හියුමන් සාගර්ගේ මරණය ඔඩියා සංගීත ක්ෂේත්‍රයට පිරවිය නොහැකි පාඩුවක් බවයි ඔවුන් සඳහන් කරන්නේ.






























