බොලිවුඩයේ මේ දිනවල වැඩිපුරම කතාබහට ලක්වූ මාතෘකාවක් තමයි ප්‍රකට අධ්‍යක්ෂිකා ෆාරා ඛාන් සහ සුපිරි නිළි දීපිකා පදුකෝන් අතර ඉන්ස්ටග්‍රෑම් හරහා ඇතිවී තිබෙන බව කියන අර්බුදය. දීපිකා පදුකෝන්ව ‘ඕම් ශාන්ති ඕම්’ චිත්‍රපටයෙන් සිනමාවට හඳුන්වා දුන්නේ ෆාරා ඛාන් වීම නිසා මේ කටකතාව තවත් වැඩි වුණා. පසුගිය දිනවල පැතිර ගිය වාර්තා අනුව මේ දෙදෙනා ඉන්ස්ටග්‍රෑම් හි එකිනෙකාව අනුගමනය කිරීම නවතා දමා ඇති බවට තොරතුරු පළ වුණා. නමුත් සත්‍යය සොයා බැලීමේදී පෙනී යන්නේ ඔවුන් මීට පෙරද එකිනෙකාව අනුගමනය කර නොමැති බවයි. මේ අතර ෆාරා ඛාන්, දීපිකාගේ සැමියා වන රන්වීර් සිංව ඉන්ස්ටග්‍රෑම් හි අනුගමනය කිරීම නවතා දමා ඇති බවටද කටකතා පැතිරුණා. නමුත් රන්වීර් තවමත් ෆාරාව අනුගමනය කරන බව පෙනී යනවා. ෆාරා සිය Vlog වීඩියෝවල දීපිකාගේ පැය 8ක වැඩ මුරය ගැන උපහාසාත්මක අදහස් පළ කළ නිසා දීපිකා ඇයව අනුගමනය කිරීමෙන් ඉවත් වූ බවට අන්තර්ජාලය පුරා අනුමාන පැතිර ගියා. නමුත් මේ සියලු කටකතාවලට තිත තබමින් ෆාරා ඛාන් පැහැදිලි කිරීමක් කර තිබෙනවා. ඇය පවසන්නේ, ‘අපි මුලින්ම එකිනෙකාව අනුගමනය කළේ නැහැ! Happy New Year චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර අපි එකඟතාවකට ආවා ඉන්ස්ටග්‍රෑම් හරහා සන්නිවේදනය නොකර, කෙටි පණිවිඩ සහ දුරකථන ඇමතුම් හරහා කතා කරන්න කියලා. දීපිකා කැමති නැති නිසා අපි ඉන්ස්ටග්‍රෑම් එකේ උපන් දින සුබ පැතුම් පවා දාන්නේ නැහැ. ඒ වගේම මගේ පැය 8ක අදහස උපහාසයක් නෙවෙයි; ඒක මගේ සහයකයා වන දිලීප්ව පැය 8ක් වැඩ කරනවා කියන්න සලස්වන්න කියපු විහිළුවක්, මොකද එයා ඇත්තටම වැඩ කරන්නේ පැය 2ක් විතරයි!’ යනුවෙන්. ඉතින්, බොලිවුඩයේ මේ දිනවල පැතිර ගිය ඉන්ස්ටග්‍රෑම් අර්බුදයේ සැබෑ කතාව මෙයයි.