බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහනය භාවිතා කරන ඔබට මේක වැදගත් පුවතක්! ඔක්තෝබර් 01 වනදා සිට බස් රථවල ටිකට් නැතුව ගමන් කරන මගීන්ට වගේම, ටිකට් නිකුත් නොකරන කොන්දොස්තරවරුන්ටත් දැඩි දඩ මුදල් නියම කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කරලා තියෙනවා.අධිකාරියේ ධාවන කළමනාකරු, ජීවින්ද කීර්තිරත්න මහතා අවධාරණය කරන්නේ, මේ නීතියත් එක්ක බස් රථවල යන මගීන් තමන් යන ගමනාන්තය වෙනකම්ම ටිකට් එක ළඟ තියාගන්න එක අනිවාර්යයි කියලයි. බස් එකට නැග්ගාට පස්සේ බස් අංකය, ගමනාරම්භය, ගමනාන්තය, අනුක්‍රමික අංකය සහ ගමන් ගාස්තුව සඳහන් ටිකට් පතක් නිකුත් කිරීම කොන්දොස්තරවරයාගේ වගකීමක්. ඒ වගේම, මගියාත් පළමු කඩඉම පටන් ගන්න කලින් ටිකට් පතක් අරගෙන, ගමන ඉවර වෙනකම්ම ඒක පරිස්සමෙන් තියාගන්න ඕනෑ.මේ නීතිය කඩකරලා ටිකට් එකක් නොගන්න මගීන්ට රුපියල් 100ක දඩයක් සහ අදාළ ගමන් ගාස්තුව වගේ දෙගුණයක් ගෙවන්න වෙනවා. ටිකට් නොදෙන කොන්දොස්තරවරුන්ටත් නීතිමය පියවර ගන්න සූදානම් කියලා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා. ඉතින්, බස් එකේ යනකොට ටිකට් එක ගන්නත්, ඒක පරිස්සමෙන් තියාගන්නත් මතක තියාගන්න!