දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාවේ සෞඛ්‍ය පරිපාලන නිලධාරිවරයෙකු ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට අදාළව, වෙඩික්කරුවන්ට ගිනි අවිය සපයා දුන් බවට සැකකරන ප්‍රධාන පුද්ගලයෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රත්මලාන ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි මෙම සැකකරු දෙහිවල, මල්වත්ත පාරේදී පොලිස් අත්අඩංගුවට පත්වී ඇත. පසුගිය ජූලි 24 වන දින සිදු වූ මෙම බිහිසුණු සිදුවීමේදී, ආහාර බෙදාහැරීමේ සේවකයන් ලෙස වෙස්වලාගත් යතුරුපැදිකරුවන් දෙදෙනෙකු නගර සභා කාර්යාලයේ සිටි අදාළ නිලධාරීවරයාට පිස්තෝලයකින් වෙඩි තැබීමට උත්සාහ කර තිබුණා. නමුත් වාසනාවකට මෙන් ගිනි අවිය ක්‍රියා විරහිත වීම හේතුවෙන් නිලධාරිවරයාගේ ජීවිතය බේරී ඇත. පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු හෙළි කර ඇත්තේ, මෙම ඝාතන උත්සාහය සඳහා යොදාගත් ගිනි අවිය මාස අටකට පෙර ඩුබායිහිදී මියගිය සංවිධානාත්මක අපරාධකරුවෙකුට අයත් එකක් බවයි. තවද, අයිස් මත්ද්‍රව්‍ය චෝදනාවක් මත දැනට මැගසින් බන්ධනාගාරයේ සිටින තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ උපදෙස් මත, දෙහිවල-ගල්කිස්ස සුසාන භූමියේ සඟවා තිබූ මෙම ගිනි අවිය තමන් විසින් වෙඩික්කරුවන් වෙත ලබාදුන් බවට ඔහු පාපොච්චාරණය කර තිබේ. ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ගුණසේකර මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
