ටොලිවුඩ් සිනමාව තුළ මේ දිනවල උණුසුම්ම කතාබහට ලක්ව ඇත්තේ සුපිරි නිළි ලක්ෂ්මි මංචු විසින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයකි. ඇය පවසා සිටියේ, ජනප්‍රිය සුපිරි තරුවකගේ හිටපු බිරිඳකට දික්කසාදයෙන් පසුව චිත්‍රපට අවස්ථා අහිමි වී ඇති බවයි. නිළියගේ නම සඳහන් නොකළද, අන්තර්ජාලය පුරා බොහෝ දෙනෙක් අනුමාන කරන්නේ ඇය සමන්තා රූත් ප්‍රභූ (Samantha Ruth Prabhu) ගැන කතා කරන බවයි. ලක්ෂ්මි මංචු ඇගේ අලුත්ම චිත්‍රපටය වන ‘Daksha: A Deadly Conspiracy’ ප්‍රවර්ධන කටයුතු අතරතුරදී මෙම අදහස් පල කර තිබෙනවා. ඇය අවධාරණය කරන්නේ සමාජයේ පිරිමින්ට වඩා කාන්තාවන්ට බොහෝ දේ විඳ දරා ගැනීමට සිදුවන බවයි. “මෙහි වැඩ කරන සුපිරි තරුවකගේ හිටපු බිරිඳක් ඉන්නවා. ඇය දික්කසාද වුණාට පස්සේ, කලින් ලැබෙන්න තිබුණු චිත්‍රපට පවා ඇයට අහිමි වුණා. ‘අනේ එපා, එයාට දුක හිතෙයි, මොනවා හරි කියයි’ කියලා තමයි ඔවුන් ඇයට කියන්නේ. ඇය හොඳ වැඩ කරන්න බලාගෙන ඉන්නවා, මට ඇයගේ නම කියන්න අවශ්‍ය නැහැ.” යනුවෙන් ලක්ෂ්මි පැවසුවාය. මාධ්‍යවේදියා “ඔබ සමන්තා රූත් ප්‍රභූ ගැනද කතා කරන්නේ?” යැයි ඇසූ විට, ලක්ෂ්මි එය තහවුරු කළේ නැත. “ඔබ හිතන්නේ සමන්තා ගැන කියලා. නමුත් සුපිරි තරු පහක් හයක් විතර දික්කසාද වෙලා තියෙනවා. මම ඔවුන් සියලු දෙනාටම සමීපයි. මගේ කාරණය නම්, පිරිමියෙකුට එවැනි දෙයකට මුහුණ දීමට සිදුවුවහොත්, ඔහුගේ ජීවිතය කිසි විටෙකත් වෙනස් වන්නේ නැහැ. නමුත් කාන්තාවකට, ඇය විවාහ වූ පසු, දරුවන් ලැබුණු පසු, නැන්දම්මා පියම්මා ලැබුණු පසු, ඇය බොහෝ වගකීම් භාර ගන්නවා. කිසිවෙකු අපට නිදහස දෙන්නේ නැහැ; අපට එය තනිවම ගත යුතුයි.” යනුවෙන් ඇය තවදුරටත් පැවසුවාය. සමන්තා රූත් ප්‍රභූ සහ නාග චෛතන්‍යා 2017 දී විවාහ වී 2021 දී දික්කසාද විය. නාග චෛතන්‍යා පසුගිය දෙසැම්බරයේ ශෝභිතා ධූලිපාල (Sobhita Dhulipala) සමඟ විවාහ වූ අතර, සමන්ත මේ දිනවල රාජ් නිඩිමෝරු (Raj Nidimoru) සමඟ සම්බන්ධයක් ඇති බවට කටකතා පැතිර යනවා. ඇය ඔහුගේ ඡායාරූප සමාජ මාධ්‍යවල නිතර බෙදා ගනිමින් සිටින බවද වාර්තා වේ.
