සීගිරිය කැඩපත් පවුරේ අලංකාරයට හානි කරමින් තම නම සටහන් කළ 21 හැවිරිදි තරුණියක් පසුගියදා පුරාවිද්‍යා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව සීගිරිය පොලීසියට භාර දී තිබෙනවා. අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි ඇය, මිතුරු මිතුරියන් පිරිසක් සමඟ සීගිරිය නැරඹීමට පැමිණි අවස්ථාවේදී මෙම ක්‍රියාව සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාවේ අභිමානය වන, ලෝක උරුමයක් ලෙස සැලකෙන සීගිරියේ කැඩපත් පවුරේ මෙලෙස අක්‍රමවත් ලෙස සටහන් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. අත්අඩංගුවට ගත් මෙම තරුණිය මේ වන විට සීගිරිය පොලීසියේ රඳවා සිටින අතර, අද දින දඹුල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා. ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි බොහෝ දෙනා විමසිල්ලෙන් සිටිනවා.