ලෝකයේ අනාගතය වෙනස් කිරීමට සමත් යැයි සැලකෙන ක්වොන්ටම් පරිගණක තාක්ෂණය, මෙතෙක් කල් මුහුණ දුන් විශාලතම අභියෝගයකට කැනඩාවෙන් විසඳුමක් ලැබී තිබෙනවා. Qubic Technologies නම් කැනේඩියානු ආරම්භක සමාගමක් විසින් “cryogenic travelling-wave parametric amplifier (TWPA)” නම් විප්ලවීය උපාංගයක් එළිදක්වා ඇති අතර, එය ක්වොන්ටම් පරිගණකවල තාපය විමෝචනය 10,000 ගුණයකින් අඩු කරන බව වාර්තා වෙනවා. මෙය තාප නිමැවුම සම්පූර්ණයෙන්ම පාහේ ඉවත් කිරීමක් ලෙසයි සැලකෙන්නේ. “විශේෂිත ක්වොන්ටම් ද්‍රව්‍ය” වලින් නිපදවා ඇති බව කියන මෙම උපාංගය 2026 වන විට වෙළඳපොළට පැමිණීමට නියමිතයි. පර්යේෂකයන් විශ්වාස කරන්නේ, මෙම සොයාගැනීම මගින් ක්වොන්ටම් පරිගණක නිෂ්පාදන වියදම් විශාල ලෙස අඩු කිරීමටත්, විශාල සිසිලන පද්ධති කුඩා කිරීමටත්, පරිමාණය කළ හැකි ක්වොන්ටම් යන්ත්‍ර සඳහා පැවති ප්‍රධාන බාධකයක් ජය ගැනීමටත් උපකාරී වනු ඇති බවයි. Qubic සමාගමේ ප්‍රකාශයකට අනුව, මෙම නව ඇම්ප්ලිෆයරය මගින් ක්වොන්ටම් බිට් (qubits) මගින් නිපදවන ඉතා සියුම් සංඥා මැනීමට භාවිතා කරන cryogenic ඇම්ප්ලිෆයර් සමඟ තිබූ දීර්ඝකාලීන ගැටලුවකට විසඳුම් සපයනවා. TWPA සැලසුම තාප බර අවම කරන නිසා, එය ක්වොන්ටම් පද්ධති ගෘහ නිර්මාණ ශිල්පය විධිමත් කිරීමට සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට හැකියාව ලබා දෙනවා. මෙය වාණිජ මට්ටමකට ක්වොන්ටම් පරිගණක පරිමාණය කිරීමට අවශ්‍ය ප්‍රධාන දියුණුවක් ලෙසයි සැලකෙන්නේ. මේ සොයාගැනීමත් එක්ක ක්වොන්ටම් පරිගණක සිහිනය සැබෑ වෙන දවස වැඩි ඈතක නැහැ කියලයි කියන්නේ!