විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වීමත් සමඟ, ලංකාවේ දේශපාලන කරළියට අලුත් කතාවක් එකතු වෙලා. මේ පනත නිසා හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්ම මහත්මීන් ඔවුන්ගේ නිල නිවාස රජයට භාර දෙන්නට සූදානම් වෙනවා. කතාවට අනුව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් පනත සම්මත වෙන්නත් කලින් කොළඹ මහගමසේකර මාවතේ නිල නිවසින් පිටව ගිහින්, බත්තරමුල්ලේ පිහිටි නිවසකට ගිහින්ලු. එතුමාගේ සමීපතමයන් කියන්නේ මේක කලින්ම සැලසුම් කරපු දෙයක් කියලා. මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි නිල නිවස භාරදීමට සූදානමින් ඉන්න බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශකයා තහවුරු කර තිබෙනවා. රජයෙන් නිල වශයෙන් දැනුම් දුන් වහාම කටයුතු කරන බවත්, පවුලේ අය නව ස්ථානය තීරණය කරාවි කියලත් ඔහු සඳහන් කරලා. හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියත් කොළඹ 7, නිදහස් මාවතේ පිහිටි නිල නිවසින් පිටව යන්නට සූදානමින් ඉන්න බව ඇයගේ මාධ්‍ය ඒකකය පවසනවා. මේ පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළාට පස්සේ තමයි පාර්ලිමේන්තුවේ සම්මත වුණේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිහිප දෙනෙක් ඇතුළු පිරිසක් මේ පනතට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කරලා තිබුණත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ චන්ද්‍රිකා කුමාරතුංග මහත්ම මහත්මීන් නම් මේකට එරෙහිව කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. චන්ද්‍රිකා මැතිණියගේ මාධ්‍ය ඒකකය විශේෂයෙන්ම කිව්වේ ඇය කිසිම නීතිමය ක්‍රියාමාර්ගයකට සම්බන්ධ නැහැ කියලා. මේ අතර, 2024 වසරේදී විශ්‍රාමික ජනාධිපතිවරුන් 5 දෙනෙකුට සහ හිටපු ජනාධිපති ආර්යාවකට රුපියල් කෝටි 9කට අධික මුදලක් රජයෙන් වියදම් කර ඇති බව පාර්ලිමේන්තුවේදී හෙළිවීමත් සමඟ විශාල ආන්දෝලනයක් ඇතිවෙලා. විශේෂයෙන්ම, මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස නවීකරණය වෙනුවෙන් රුපියල් කෝටි 47ක් වෙන්කරගෙන තිබීම, රටේ ජනතාව පීඩාවට පත්ව සිටින මොහොතක බොහෝ දෙනාගේ කතාබහට ලක්වී තිබෙනවා. මේ මුදල් වියදම් කර ඇත්තේ ජනතාවගේ මුදල් බවත්, මෙවැනි දේ තවදුරටත් සිදුවීමට ඉඩ නොදිය යුතු බවත් විවිධ පාර්ශ්වයන්ගෙන් මතුවන අදහසයි. Gossip King අපිත් මේ ගැන විමසිල්ලෙන් ඉන්නවා.