ශ්‍රී ලංකා දේශපාලනය කියන්නේ, කවදාවත් හිතන්න බැරි දේවල් සිදුවෙන පුදුම වේදිකාවක්. ඊයේ (22) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අත්අඩංගුවට ගැනීමත් එක්ක රටම කැලඹී තිබෙන වෙලාවක, Gossip King අපිට මේ දැන් ලැබුණු ආරංචියෙන්, ඒ කැලඹීම තවත් වැඩිවෙනවා සිකුරුයි!
ඒ, වෙන කවුරුත් නෙවෙයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින, රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීම සඳහා, මීට සුළු මොහොතකට පෙර එහි පැමිණීමයි!
Gossip King අපි දන්න විදිහට, දේශපාලනයේදී නිකම්ම “සුවදුක් බැලීම්” සිදුවන්නේ හරිම අඩුවෙන්. විශේෂයෙන්ම, සජිත් සහ රනිල් කියන්නේ, එකම පක්ෂයේ සිට, නායකත්වය සඳහා දරුණු සටනක නිරත වෙලා, දේශපාලන වශයෙන් වෙන් වූ චරිත දෙකක්. ඉතින්, රනිල් වික්‍රමසිංහ මහතා, නව ආණ්ඩුව යටතේ මෙසේ අත්අඩංගුවට පත්ව සිටින, අතිශය සංවේදී මොහොතක, සජිත් ප්‍රේමදාස මහතා ඔහුව හමුවීමට යෑම, දේශපාලන වශයෙන් ඉතා බලගතු පණිවිඩයක් දෙනවා.