Google සමාගම, එයාලගේ අලුත්ම Google Pixel 10 දුරකථන මාදිලිය ඊයේ එළිදැක්වුවා. හැමෝම ෆෝන් එකේ කැමරාව, processor එක ගැන කතා කරද්දී, Gossip King අපි දැක්කේ, ඊට වඩා ලොකු, අපේ ජීවිතේ වෙනස් කරන දෙයක්. ඒ, ඒ ෆෝන් එකත් එක්ක එන, අලුත්ම කෘත්‍රිම බුද්ධියෙන් (AI) බලගැන්වූ Gboard keyboard එකයි!
මේක නිකම්ම spell check කරන, emoji දාන keyboard එකක් නෙවෙයි. මේක, ඔයාගේ පෞද්ගලික ලේකම් කෙනෙක්, භාෂා ගුරුවරයෙක් වගේ වැඩ කරන, පුදුම හිතෙන AI සහායකයෙක්.
මොකක්ද මේ ‘Writing Tools’ මැජික් එක?
හිතන්නකෝ, ඔයා ඔෆිස් එකේ ලොක්කට ඉක්මනට ඊමේල් එකක් type කළා, ඒත් ඒකේ වචන ටිකක් අවුල්, formal ගතියක් නෑ කියලා. දැන් ඔයාට කරන්න තියෙන්නේ, keyboard එකට “Make this sound more professional” කියලා කියන එක විතරයි. Boom! 💥 Gboard එක, ඔයාගේ අවුල් සහගත වාක්‍ය ටික, හරිම වෘත්තීය මට්ටමේ ඊමේල් එකක් බවට පත් කරනවා.
මේ අලුත් ‘Writing Tools’ වලට පුළුවන්:
- ඔබේ ලියවිල්ලේ ස්වරය (Tone) වෙනස් කරන්න (උදා: casual එකක් formal කරන්න, දුක්බර එකක් සතුටුදායක කරන්න).
- සම්පූර්ණ ඡේදයක්ම proof read කරලා, ව්‍යාකරණ වැරදි හදන්න.
- අවුල් සහගතව ලියපු වාක්‍ය, වඩාත් කියවීමට පහසු වන සේ නැවත සකස් කරන්න.
Keyboard එකට කතා කරන්න!
මේකේ තියෙන සුපිරිම දේ තමයි, මේ හැමදේම buttons ඔබන්නේ නැතුව, කටහඬින් කරන්න පුළුවන් වීම. “Smart Edits” කියලා අලුත් feature එකක් හරහා, ඔයාට පුළුවන්, වාක්‍යයකට වචන ඇතුළත් කරන්න, වචන මාරු කරන්න, spelling හදන්න, වාක්‍ය කෙටි කරන්න වගේ සංකීර්ණ දේවල් පවා, නිකම්ම කතා කරලා කරගන්න.
ලොකුම දේ: මේක හැමතැනම වැඩ!
Gmail එකේ තියෙන Help Me Write, Messages ඇප් එකේ තියෙන Magic Compose වගේ AI උදව්, ඒ ඇප් වලට විතරක් සීමා වෙලා තිබුණේ. ඒත්, Gboard එකේ මේ අලුත් Writing Tools, ඔයා type කරන ඕනෑම ඇප් එකක වැඩ කරනවා! WhatsApp, Facebook, Instagram, Notes… ඔයා type කරන හැම තැනකම, මේ AI සහයකයා ඔයා එක්ක ඉන්නවා.
හැබැයි, පොඩි අවුලක් තියෙනවා…
මේ සුපිරි AI මැජික් එක, දැනට එන්නේ අලුත්ම Google Pixel 10 series එකේ ෆෝන් වලට විතරයි. මේක අනිත් Android ෆෝන් වලටත් දෙයිද, නැත්නම් හැමෝටම Pixel ෆෝන් එකක් ගන්න කියලා Google එක බල කරනවද? ඒක නම්, තවම රහසක්. Gossip King අපි, ඒ ගැනත් හොයමින් ඉන්නේ!
