ප්‍රකට කන්නඩ රූපවාහිනී නිළියක් සහ නිවේදිකාවක් වන මංජුලා ශෘතිට ඇයගේ සැමියා විසින් පිහියකින් ඇන ඝාතනය කිරීමට තැත්කර තිබෙනවා. මෙම කම්පන සහගත සිදුවීමෙන් පසු පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබූ මංජුලා ශෘති මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ
මංජුලා ශෘති වසර 20කට පමණ පෙර ප්‍රේම සම්බන්ධයකින් පසු අරේෂ් සමඟ විවාහ වී තිබෙනවා. මෙම යුවළට දරුවන් දෙදෙනෙකු ද සිටින අතර, බැංගලෝර් හි හනුමන්නගර් ප්‍රදේශයේ කුලී නිවසක ඔවුන් ජීවත්ව ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
කෙසේ වෙතත්, ශෘතිගේ හැසිරීම සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත ඇගේ සැමියා විසින් මෙලෙස ප්‍රහාරය එල්ල කර ඇති බවටයි මූලික වාර්තාවල දැක්වෙන්නේ. මෙම ප්‍රහාරය අතිශය දරුණු ස්වභාවයක් ගෙන ඇති අතර, අරේෂ් විසින් පළමුව ගම්මිරිස් ඉසින ශෘතිගේ මුහුණට ඉස ඇති බවත්, පසුව ඇයගේ ඉළ ඇට, කලවා සහ බෙල්ලට කිහිප වතාවක් පිහියෙන් ඇන, ඇයගේ හිස බිත්තියේ හප්පා ඇති බවත් අනාවරණය වී තිබෙනවා
ශෘති දැනට බැංගලෝර් හි වික්ටෝරියා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, හනුමන්නගර් පොලිසිය විසින් සැකකාර අරේෂ් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම විමර්ශනවලින් හෙළිවී ඇත්තේ, විවාහ ජීවිතයේ ඇති වූ මතභේද හේතුවෙන් මෙම යුවළ නිතර නිතර ආරවුල් ඇති කරගෙන ඇති බවයි. මෙම සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශන මේ වන විට ක්‍රියාත්මකයි.