Samsung සමාගම එයාලගේ පළවෙනි tri-fold smartphone එක, සමහරවිට Samsung G Fold නමින්, එළිදක්වන්න සූදානම් වෙනවා වගේ. මේ අවුරුද්දේ ජනවාරි මාසේ තිබ්බ Galaxy Unpacked 2025 event එකේදී මේ ගැන පොඩි ඉඟියක් දුන්නා මතක ඇති. ඒ නිසා ගොඩක් අය හිතුවේ Galaxy Z Fold 7 එකයි, Galaxy Z Flip 7 එකයි එක්කම මේකත් එනවා කියලා, ඒත් එහෙම වුණේ නැහැ
ඒත් දැන් නම්, Samsung Mobile අංශයේ Chief වන TM Roh මහතා මේ “Tri-Fold” ෆෝන් එක එන Timeline එක ගැන තහවුරු කරලාලු!.
The Korea Times Report එකට අනුව, TM Roh මහතා තහවුරු කරලා තියෙන්නේ මේ අවුරුද්ද අන්තිම වෙනකොට එයාලගේ පළවෙනි “Tri-Fold” ස්මාර්ට්ෆෝන් එක Launch කරන්න Samsung සමාගම බලාපොරොත්තු වෙනවා කියලා. “අපි මේ අවුරුද්ද අන්තිමට මේ ‘Tri-Fold’ ස්මාර්ට්ෆෝන් එක Launch කරන්න බලාපොරොත්තුවෙන් හරිම මහන්සියෙන් වැඩ කරනවා,” කියලා Roh මහතා කියලා තියෙනවාලු.
ඔහු තවදුරටත් කියලා තියෙන්නේ, Samsung සමාගම මේ Product එකේ Perfection එකයි, Usability එකයි ගැන ගොඩක් හිතලා වැඩ කරනවා කියලා. ෆෝන් එකට තාම නමක් Finalize කරලා නැහැලු, ඒත් “Product එක Completion වෙන්න ලං වෙනකොට අපි ඉක්මනින්ම Final Decision එකක් ගන්නවා” කියලා ඔහු වැඩිදුරටත් කියලා තියෙනවා. Samsung ස්මාර්ට්ෆෝන් Division Head අවධාරණය කරලා තියෙන්නේ, AI-Driven Experiences (කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන අත්දැකීම්) තව තවත් Enhance කරන්න අනාගතයේදී අලුත් විදිහේ Form Factors ගොඩක් හඳුන්වා දෙන්න Samsung සමාගම Plan කරනවා කියලා.
ඉතින්, මේ අවුරුද්ද අන්තිම වෙනකොට Samsung එකෙන් එන මේ අලුත්ම “Tri-Fold” ෆෝන් එක බලන්න අපිත් බලාපොරොත්තුවෙන් ඉමු! මොකද හිතන්නේ මේ ගැන?