• Advertise
  • About
  • Contact Us
Saturday, October 11, 2025
Gossipking
No Result
View All Result
  • Home
  • News
    නුවරඑළියේ භින්නෝන්මාද රෝගී පුතාට වෛද්‍ය වාර්තාවකින් අසාධාරණයක්? පියාගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්!

    රන්න ද්විත්ව ඝාතනය: අනියම් ප්‍රේමයේ සහ අපරාධයේ ඛේදවාචකය!

    තාජුඩීන් ඝාතනයේ අභිරහස හෙළිවේද? කජ්ජාගේ බිරිඳගේ උණුසුම් ප්‍රකාශය!

    මාවනැල්ලේ දෛවයේ සරදම! වතුර ටිකක් බීලා එනකම් යාළුවෝ තුන්දෙනාට මරණය අත වනලා!

    බස් එකේ යන අයටයි, කොන්දොස්තර මහත්වරුන්ටයි, ඔක්තෝබර් 1න් ලොකු වෙනසක්!

    තේ වලට නොබෙල් ත්‍යාගයක්? ඇමතිවරයෙකුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!

  • Hot Gossip
    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

    භාරත්ට අලුත් පෙම්වතියක්! එෂා දියෝල් ආදරය ගැන කියන පුදුම කතාව!

    සයියාරා පෙම්වතිය න්‍යායා හි දැඩි චරිතයකට: අනීත් පද්දාගේ ලොකුම අභියෝගය!

    ලොකුම විරසකය අවසන්ද? ‘පිරිමි ළමයි’ කතාවෙන් අයින් කරපු උද්දික, අධ්‍යක්ෂක එක්ක යළි මිතුරු වෙයි? Comeback එකක් ගැන ලොකු කතාවක්!

    “නාඩගම්කාරයෝ” ටීම් එකේ “ජහුටා” පෝස්ටරේ දැක්කද? මේ සැරේ තරු කැල මෙන්න!

    මුළු ලෝකෙම ඇඬවූ ‘ජෙසිකා’ගේ මරණය, ඇත්තටම බොරුවක්ද? Orca වීඩියෝවේ ඔබ නොදත් ඇත්ත කතාව!

    නාඩගම්කාරයෝ මතකද? ස්වර්ණවාහිනියෙන් එන ‘අලුත් නාඩගම’ ඒකෙ දෙවෙනි කොටසද?

    නැවතුණු පාරට පණ දුන් රියැදුරු වීරයා සහ බදුල්ලේ යකඩ යෝධයා

    ගෙදරයි, වාහනෙයි, ෆේස්බුක් පේජ් එකයි ඔට්ටුයි! ඉරාජ්, රැට්ටාට Live ගහගන්න ප්‍රසිද්ධියේ අභියෝග කරයි.

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home Hot Gossip

පිටගම්කාර – අප්පච්චි ගඟ දිගේ ගොස් අවාරයේ සිරිපා කර සලංහංතේ කියා නික්ම යයි

October 9, 2023
in Hot Gossip
0
පිටගම්කාර – අප්පච්චි ගඟ දිගේ ගොස් අවාරයේ සිරිපා කර සලංහංතේ කියා නික්ම යයි
0
SHARES
18
VIEWS
Share on FacebookShare on Twitter

“පණා – පුත්‍ර – කුහුඹු – පැණියා” නමින් හැඳින්වූ ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අද (09) අළුයම සිය ජීවන ගමනෙන් සමුගත්තා.

READ ALSO

“වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

භාරත්ට අලුත් පෙම්වතියක්! එෂා දියෝල් ආදරය ගැන කියන පුදුම කතාව!

ඒ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

1958 ජූලි 8 වනදා රාගම පොඩිවීකුඹුර ග්‍රාමයේ කොන්ගානිගේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනී නමින් උපත ලැබූ ජැක්සන් ඇන්තනී මහතා සිනමාව, පුංචි තිරය සහ වේදිකාව රංගනයෙන් ජයගත් ජගත් රංගධරයෙකු වනවා.

එමෙන්ම අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක්, ගීත රචකයෙක්, ගායන ශිල්පියෙක්, ඉතිහාසඥයෙක්, නාට්‍යවේදියෙක්, කවියෙක්, සිත්තරෙක්, පූරකවරයෙක්, හඬ නළුවෙක්, සන්නිවේදකයෙක්, ගවේෂකයෙක්, ග්‍රන්ථ කතුවරයෙක් ලෙස ප්‍රේක්ෂක ජනාදරයට පත්වූ විශිෂ්ට කලාකරුවෙක්.

හපුගොඩ කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ බණ්ඩාරවෙල ශාන්ත මරියා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව ගණේමුල්ල ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වූ ජැක්සන් ඇන්තනී මහතා උසස් අධ්‍යාපනය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අතර එහිදී ඔහු ප්‍රථමයෙන් සිංහල භාෂාව සහ සාහිත්‍යය පිළිබඳ ගෞරව උපාධියක් ලබාගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද හිමිකර ගත්තා.

ජැක්සන් ඇන්තනී මහතා සිය සරසවි ජීවිතය තුළ වේදිකා නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායකවූ අතර ඉන්පසුව නෙවිල් ඩයස් සුබසිංහගේ වාරුවෙන් යන මිනිසුන්, මානවයෝ, මෙතනින් මාරුවෙනු, මරාසාද්, මධුර ජවනිකා, ලෝම හංස, ධවල භීෂණ, අත්, මෝරා, තාරාවෝ ඉගිලෙති, ඔත්තුකාරයෝ වැනි ජනප්‍රිය වේදිකා නාට්‍ය රැසකට දායකත්වය ලබාදුන්නා.

සිනමා ලෝකය තුළ ජැක්සන් ඇන්තනී මහතා ගුරු ගෙදර, චිත්ති, ලොකු දුව, බව දුක, බව කර්ම, අග්නි දාහය, මිල්ලේ සොයා, රන්දිය දහර, තරණය, විසිදැල, ගිනි අවි සහ ගිනි කෙළි, අයෝමා, පුනරුප්පත්තිය, සූරිය අරණ, ප්‍රවේගය, මහරජ ගැමුණු, ඇඩ්‍රස් නෑ, ධර්ම යුද්ධය, කුරුළු පිහාටු, උදුම්බරා, ඝරසරප වැනි සිනමා නිර්මාණයන්හි විශිෂ්ට රංගනයක නිරත වුණා.

ඔහු රංගනයෙන් දායක වූ ටෙලි නිර්මාණ අතර පළිඟු මැණිකේ, ඇල්ල ලග වලව්ව, සුසීමා, වෙද හාමිනේ, කඩුල්ල, අකාල සන්ධ්‍යා, දඬුබස්නාමානය, පිටගම්කාරයෝ, අප්පච්චි, දස්කොන්, සී රජ වැනි නිර්මාණ කැපී පෙනුණා.

1992 දී ජැක්සන් ඇන්තනී මහතා සිය මංගල ටෙලි නාට්‍යය ලෙස “ඇසළ කළුවර” අධ්‍යක්ෂණය කළ අතර 1990 වසරේදී ‘භූමිකා 7’ නමින් නාට්‍ය උළෙලක ඇන්තනීගේ හොඳම නාට්‍ය හතක් ඇතුළත් වූ අතර එමඟින් විද්වත් රසිකයින්ට ජැක්සන්ගේ පුළුල් පරාසයක රංග කලාව අත්විඳීමට හැකි වීම විශේෂත්වයක්.

ඉන්පසුව 2014 වසරේ ඔහු දෙවැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ ‘‘දස්කොන්’’ පසුව දේශීය සම්මාන උළෙල කිහිපයකදීම සම්මාන දිනා ගත් අතර ඔහු ශ්‍රී ලංකාවේ බ්ලොක්බස්ටර් චිත්‍රපට කිහිපයක් ද අධ්‍යක්ෂණය කර තිබෙනවා.

ජැක්සන් ඇන්තනී මහතාගේ පළමු අධ්‍යක්ෂණය වන ‘‘ජුලියට්ගේ භූමිකාව’’ විචාරක සම්මාන උළෙලේදී වඩාත් බලාපොරොත්තු සහගත අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය ඔහුට හිමිවුණා.

එමෙන්ම විචාරක පැසසුමට ලක්වූ “පාරාදීසය” ඔහු විසින් අධ්‍යක්ෂණය කළ තවත් චිත්‍රපටයක් වූ අතර “අබා” චිත්‍රපටය එතෙක් මෙතෙක් ආදායම් වාර්තා බිඳ දැමූ චිත්‍රපටය ලෙසයි සැළකෙන්නේ.

මීට අමතරව ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද “ඇඩ්‍රස් නෑ” චිත්‍රපටයද සම්මාන රැසකට පාත්‍ර වූ අතර 2017 දී අනිල් කුමාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද ලක්නව් නම් කේරළ සිනමා නිෂ්පාදනයට ද ජැක්සන් ඇන්තනී මහතා සම්බන්ධ වී තිබෙනවා.

එමෙන්ම ඔහුගේ අභිනව චිත්‍රපටයන් වන “එකගෙයි සොකරි” මෙන්ම ”දේවි සම්බුලා” චිත්‍රපටද නුදුරේම තිරගත වීමට නියමිතයි.

ස්වර්ණවාහිනී නාලිකාවේ නිර්මාණ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජැක්සන් ඇන්තනී මහතා හපන් පැදුර, මහා සිංහලේ වංශකතාව, ගඟ දිගේ, සලංහංතේ, කළු ගඟ දිගේ, සතර අලංකාරය, රෝම පුරාණය, අවාරේ සිරිපා, නිදහසේ ස්වර්ණාභිමානය වැනි වැඩසටහන් රැසක නිර්මාපකයා ද වුණා.

සිය කලා ජීවිතය තුළදී විසිහය වතාවක් හොඳම නළුවාට හිමි සම්මානයන්ට පාත්‍ර වූ ජැක්සන් ඇන්තනී මහතා සරසවි සම්මාන, ජනාධිපති සම්මාන, සුමති සම්මාන සහ ඕ.සී.අයි.සී සම්මාන වැනි දේශීය සම්මාන උළෙලවලදී අවස්ථා රැසකදී විවිධ සම්මානයන්ට පාත්‍ර වුණා.

ප්‍රවීණ කලාකරුවෙකු වන ජැක්සන් ඇන්තනී මහතා නව පරපුරේ ශිල්පීන් සමග ද නිබද සහයෝගයෙන් කටයුතු කළ නිර්මාපකයෙකු වන අතර මෑතක නිර්මාණය වූ අතිශය ජනප්‍රියත්වයට පත්වූ “ස්වර්ණපාලියේ” , “මිහිරාව ආවා” වැනි ගීත රචනයෙන්ද දායක වුණා.

එමෙන්ම ගායනයට පමණක් නොව නර්තනයට ද ජැක්සන් ඇන්තනී මහතා උපන් හපන්කම් දැක්වූ අයෙක්.

ප්‍රවීණ කලා ශිල්පිනියක වන කුමාරි මුණසිංහ මහත්මියගේ ආදරණීය සැමියා වන ජැක්සන් ඇන්තනී මහතා මේ වන විට කලා ක්ෂේත්‍රයේ දස්කම් රැසක් දක්වමින් සිටින මාධවී වත්සලා, අඛිල ධනුද්දර සහ සජිත අනුත්තරගේ ආදරණීය පියාණන් ද වනවා.

ජැක්සන් ඇන්තනී මහතා අවසාන වශයෙන් රංගනයෙන් දායක වූයේ සෝමරත්න දිසානායක මහතාගේ “සිංහබාහු” චිත්‍රපටයටයි.

එම චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කරන අතරවාරයේදීයි ජැක්සන් ඇන්තනී මහතා අනතුරකට මුහුණ දී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියේ.

අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා දිනයේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, රාගම ශුද්ධවූ පේදුරු හා පාවුළු දේවස්ථානයේ දීයි.

එදින පස්වරු 03.00ට ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බවයි පවුලේ ඥාතීන් දැනුම්දෙන්නේ.

ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය අංක 57, වනිගසූරිය වත්ත, රාගම පාර, කඩවත යන ලිපිනයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කෙරෙනු ඇති.

ආදරණීය කලාකරුවාණෙනි, ආයාචනා කළත් නුඹට තවදුරටත් සිටිය නොහැකි බව නොදන්නවා නොවේ, එහෙත් ඔබගේ අඩුව පුරවා දැමීමට හැකි දැවැන්තයෙකු නම් කර හැකිනම් යනු මැනවි. ඉතින් ඔබට සමු දෙන්නට සූදානම් නැත එහෙත් සමු ගන්නට අවසරයි…

Related Posts

“වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!
Hot Gossip

October 3, 2025
භාරත්ට අලුත් පෙම්වතියක්! එෂා දියෝල් ආදරය ගැන කියන පුදුම කතාව!
Hot Gossip

භාරත්ට අලුත් පෙම්වතියක්! එෂා දියෝල් ආදරය ගැන කියන පුදුම කතාව!

September 17, 2025
සයියාරා පෙම්වතිය න්‍යායා හි දැඩි චරිතයකට: අනීත් පද්දාගේ ලොකුම අභියෝගය!
Hot Gossip

සයියාරා පෙම්වතිය න්‍යායා හි දැඩි චරිතයකට: අනීත් පද්දාගේ ලොකුම අභියෝගය!

September 17, 2025
ලොකුම විරසකය අවසන්ද? ‘පිරිමි ළමයි’ කතාවෙන් අයින් කරපු උද්දික, අධ්‍යක්ෂක එක්ක යළි මිතුරු වෙයි? Comeback එකක් ගැන ලොකු කතාවක්!
Hot Gossip

ලොකුම විරසකය අවසන්ද? ‘පිරිමි ළමයි’ කතාවෙන් අයින් කරපු උද්දික, අධ්‍යක්ෂක එක්ක යළි මිතුරු වෙයි? Comeback එකක් ගැන ලොකු කතාවක්!

September 3, 2025
Hot Gossip

“නාඩගම්කාරයෝ” ටීම් එකේ “ජහුටා” පෝස්ටරේ දැක්කද? මේ සැරේ තරු කැල මෙන්න!

August 15, 2025
මුළු ලෝකෙම ඇඬවූ ‘ජෙසිකා’ගේ මරණය, ඇත්තටම බොරුවක්ද? Orca වීඩියෝවේ ඔබ නොදත් ඇත්ත කතාව!
Hot Gossip

මුළු ලෝකෙම ඇඬවූ ‘ජෙසිකා’ගේ මරණය, ඇත්තටම බොරුවක්ද? Orca වීඩියෝවේ ඔබ නොදත් ඇත්ත කතාව!

August 14, 2025
Next Post
තව්තිසාවෙ ඉඳන් ඇවිදින් අපිව රැකපාං අප්පුච්චේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

දළදා සමිඳුන් වැඳ පුදා ගත් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්

December 2, 2023
විශ්ව – එරන්දිගේ 10 වන විවාහ සංවත්සරය

විශ්ව – එරන්දිගේ 10 වන විවාහ සංවත්සරය

December 11, 2023
ප්‍රවීණ රංගන ශිල්පිනි මානෙල් වානගුරුගේ උපන්දිනය

October 20, 2023
බසයක් තුළ හදිසි අනතුරකට ලක් වූ ගැබිණි මවත් කුස තුළ දරුවාත් බේරාගත් වෛද්‍ය සිසුවියගේ අත්දැකීම

August 30, 2022

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • ෂාරුක් ඛාන්ගේ ‘Six Pack’ ගැන සිංගර් සුඛ්වින්දර්ට වැරදුණ හැටි!
  • නුවරඑළියේ භින්නෝන්මාද රෝගී පුතාට වෛද්‍ය වාර්තාවකින් අසාධාරණයක්? පියාගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්!
  • රන්න ද්විත්ව ඝාතනය: අනියම් ප්‍රේමයේ සහ අපරාධයේ ඛේදවාචකය!
  • තාජුඩීන් ඝාතනයේ අභිරහස හෙළිවේද? කජ්ජාගේ බිරිඳගේ උණුසුම් ප්‍රකාශය!
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .