ශ්‍රී ලාංකේය මාධ්‍ය ක්ෂේත්රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ස්වර්ණ ශ්‍රී පුදුමය” හෙට (16) සිට ගම් නගර සිසාරා ඔබ හමුවට ගෙන ඒමට ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය මේ වන විට සියලු කටයුතු සූදානම් කර අවසන්.
මෙය ස්වර්ණවාහිනී සහ ශ්‍රී FM මාධ්‍ය සහෝදරත්වයෙන් මෙරට මාධ්‍ය ක්ෂේත්රයේ සිදු කරන දැවැන්තම මාධ්‍ය ප්‍රවර්ධන වැඩසටහන ලෙස ඉතිහාසගත වනු ඇති.
ගුවන් විදුලි අවකාශයේ ප්‍රමුඛයා බවට පත් වූ ශ්‍රී FM හෙට සිට ප්‍රේක්ෂක ශ්‍රාවක ඔබට තිලිණ කරන පෙර නොවූ විරූ අද්විතීය ප්‍රවර්ධන අත්දැකීම ඔස්සේ ඔබ නොසිතූ මොහොතක පැමිණ ඔබට වටිනා මුදල් ත්‍යාග ලබාදීමට සූදානම්.
ඒ අනුව ස්වර්ණවාහිනී බලන, ශ්‍රී FM අහන ඔබේ වාසනාව ගුවනින් කූපන්පතක් මාර්ගයෙන් ඔබ අතට පත්වන අතර ඔබ කළ යුතු වන්නේ එහි සඳහන් ලියාපදිංචි අංකය අප වෙත එවීම පමණයි.
එවැනි කූපන්පත් 70,000ක් ප්‍රධාන දිස්ත්‍රික්ක 14ක ප්‍රධාන නගර 75ක් මූලික කර ගනිමින් ගුවනින් ජනතාවට ලබාදීමට “ස්වර්ණ ශ්‍රී පුදුමය” මේ වන සියලු කටයුතු සූදානම් කර අවසන්.
ඒ අනුව දහස් ගණනින් මුදල් ත්‍යාග ලබා ගැනීමට හෙට සිටම රසික ඔබට අවස්ථාව හිමිවන අතර ඒ සඳහා ඔබ කළ යුතු වන්නේ දවස පුරාම ස්වර්ණවාහිනී සහ ශ්‍රී FM නාලිකා එක්ව සිදු කරන “ස්වර්ණ ශ්‍රී පුදුමය” වැඩසටහන බලන්න සහ අහන්න පමණයි.