• Advertise
  • About
  • Contact Us
Wednesday, December 3, 2025
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

    වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

    හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

    පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

    ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

    ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

  • Hot Gossip
    කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!

    බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

    Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home Hot Gossip

පිටගම්කාර – අප්පච්චි ගඟ දිගේ ගොස් අවාරයේ සිරිපා කර සලංහංතේ කියා නික්ම යයි

October 9, 2023
in Hot Gossip
0
පිටගම්කාර – අප්පච්චි ගඟ දිගේ ගොස් අවාරයේ සිරිපා කර සලංහංතේ කියා නික්ම යයි
0
SHARES
21
VIEWS
Share on FacebookShare on Twitter

“පණා – පුත්‍ර – කුහුඹු – පැණියා” නමින් හැඳින්වූ ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අද (09) අළුයම සිය ජීවන ගමනෙන් සමුගත්තා.

READ ALSO

කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!

බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

ඒ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

1958 ජූලි 8 වනදා රාගම පොඩිවීකුඹුර ග්‍රාමයේ කොන්ගානිගේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනී නමින් උපත ලැබූ ජැක්සන් ඇන්තනී මහතා සිනමාව, පුංචි තිරය සහ වේදිකාව රංගනයෙන් ජයගත් ජගත් රංගධරයෙකු වනවා.

එමෙන්ම අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක්, ගීත රචකයෙක්, ගායන ශිල්පියෙක්, ඉතිහාසඥයෙක්, නාට්‍යවේදියෙක්, කවියෙක්, සිත්තරෙක්, පූරකවරයෙක්, හඬ නළුවෙක්, සන්නිවේදකයෙක්, ගවේෂකයෙක්, ග්‍රන්ථ කතුවරයෙක් ලෙස ප්‍රේක්ෂක ජනාදරයට පත්වූ විශිෂ්ට කලාකරුවෙක්.

හපුගොඩ කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ බණ්ඩාරවෙල ශාන්ත මරියා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව ගණේමුල්ල ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වූ ජැක්සන් ඇන්තනී මහතා උසස් අධ්‍යාපනය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අතර එහිදී ඔහු ප්‍රථමයෙන් සිංහල භාෂාව සහ සාහිත්‍යය පිළිබඳ ගෞරව උපාධියක් ලබාගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද හිමිකර ගත්තා.

ජැක්සන් ඇන්තනී මහතා සිය සරසවි ජීවිතය තුළ වේදිකා නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායකවූ අතර ඉන්පසුව නෙවිල් ඩයස් සුබසිංහගේ වාරුවෙන් යන මිනිසුන්, මානවයෝ, මෙතනින් මාරුවෙනු, මරාසාද්, මධුර ජවනිකා, ලෝම හංස, ධවල භීෂණ, අත්, මෝරා, තාරාවෝ ඉගිලෙති, ඔත්තුකාරයෝ වැනි ජනප්‍රිය වේදිකා නාට්‍ය රැසකට දායකත්වය ලබාදුන්නා.

සිනමා ලෝකය තුළ ජැක්සන් ඇන්තනී මහතා ගුරු ගෙදර, චිත්ති, ලොකු දුව, බව දුක, බව කර්ම, අග්නි දාහය, මිල්ලේ සොයා, රන්දිය දහර, තරණය, විසිදැල, ගිනි අවි සහ ගිනි කෙළි, අයෝමා, පුනරුප්පත්තිය, සූරිය අරණ, ප්‍රවේගය, මහරජ ගැමුණු, ඇඩ්‍රස් නෑ, ධර්ම යුද්ධය, කුරුළු පිහාටු, උදුම්බරා, ඝරසරප වැනි සිනමා නිර්මාණයන්හි විශිෂ්ට රංගනයක නිරත වුණා.

ඔහු රංගනයෙන් දායක වූ ටෙලි නිර්මාණ අතර පළිඟු මැණිකේ, ඇල්ල ලග වලව්ව, සුසීමා, වෙද හාමිනේ, කඩුල්ල, අකාල සන්ධ්‍යා, දඬුබස්නාමානය, පිටගම්කාරයෝ, අප්පච්චි, දස්කොන්, සී රජ වැනි නිර්මාණ කැපී පෙනුණා.

1992 දී ජැක්සන් ඇන්තනී මහතා සිය මංගල ටෙලි නාට්‍යය ලෙස “ඇසළ කළුවර” අධ්‍යක්ෂණය කළ අතර 1990 වසරේදී ‘භූමිකා 7’ නමින් නාට්‍ය උළෙලක ඇන්තනීගේ හොඳම නාට්‍ය හතක් ඇතුළත් වූ අතර එමඟින් විද්වත් රසිකයින්ට ජැක්සන්ගේ පුළුල් පරාසයක රංග කලාව අත්විඳීමට හැකි වීම විශේෂත්වයක්.

ඉන්පසුව 2014 වසරේ ඔහු දෙවැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ ‘‘දස්කොන්’’ පසුව දේශීය සම්මාන උළෙල කිහිපයකදීම සම්මාන දිනා ගත් අතර ඔහු ශ්‍රී ලංකාවේ බ්ලොක්බස්ටර් චිත්‍රපට කිහිපයක් ද අධ්‍යක්ෂණය කර තිබෙනවා.

ජැක්සන් ඇන්තනී මහතාගේ පළමු අධ්‍යක්ෂණය වන ‘‘ජුලියට්ගේ භූමිකාව’’ විචාරක සම්මාන උළෙලේදී වඩාත් බලාපොරොත්තු සහගත අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය ඔහුට හිමිවුණා.

එමෙන්ම විචාරක පැසසුමට ලක්වූ “පාරාදීසය” ඔහු විසින් අධ්‍යක්ෂණය කළ තවත් චිත්‍රපටයක් වූ අතර “අබා” චිත්‍රපටය එතෙක් මෙතෙක් ආදායම් වාර්තා බිඳ දැමූ චිත්‍රපටය ලෙසයි සැළකෙන්නේ.

මීට අමතරව ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද “ඇඩ්‍රස් නෑ” චිත්‍රපටයද සම්මාන රැසකට පාත්‍ර වූ අතර 2017 දී අනිල් කුමාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද ලක්නව් නම් කේරළ සිනමා නිෂ්පාදනයට ද ජැක්සන් ඇන්තනී මහතා සම්බන්ධ වී තිබෙනවා.

එමෙන්ම ඔහුගේ අභිනව චිත්‍රපටයන් වන “එකගෙයි සොකරි” මෙන්ම ”දේවි සම්බුලා” චිත්‍රපටද නුදුරේම තිරගත වීමට නියමිතයි.

ස්වර්ණවාහිනී නාලිකාවේ නිර්මාණ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජැක්සන් ඇන්තනී මහතා හපන් පැදුර, මහා සිංහලේ වංශකතාව, ගඟ දිගේ, සලංහංතේ, කළු ගඟ දිගේ, සතර අලංකාරය, රෝම පුරාණය, අවාරේ සිරිපා, නිදහසේ ස්වර්ණාභිමානය වැනි වැඩසටහන් රැසක නිර්මාපකයා ද වුණා.

සිය කලා ජීවිතය තුළදී විසිහය වතාවක් හොඳම නළුවාට හිමි සම්මානයන්ට පාත්‍ර වූ ජැක්සන් ඇන්තනී මහතා සරසවි සම්මාන, ජනාධිපති සම්මාන, සුමති සම්මාන සහ ඕ.සී.අයි.සී සම්මාන වැනි දේශීය සම්මාන උළෙලවලදී අවස්ථා රැසකදී විවිධ සම්මානයන්ට පාත්‍ර වුණා.

ප්‍රවීණ කලාකරුවෙකු වන ජැක්සන් ඇන්තනී මහතා නව පරපුරේ ශිල්පීන් සමග ද නිබද සහයෝගයෙන් කටයුතු කළ නිර්මාපකයෙකු වන අතර මෑතක නිර්මාණය වූ අතිශය ජනප්‍රියත්වයට පත්වූ “ස්වර්ණපාලියේ” , “මිහිරාව ආවා” වැනි ගීත රචනයෙන්ද දායක වුණා.

එමෙන්ම ගායනයට පමණක් නොව නර්තනයට ද ජැක්සන් ඇන්තනී මහතා උපන් හපන්කම් දැක්වූ අයෙක්.

ප්‍රවීණ කලා ශිල්පිනියක වන කුමාරි මුණසිංහ මහත්මියගේ ආදරණීය සැමියා වන ජැක්සන් ඇන්තනී මහතා මේ වන විට කලා ක්ෂේත්‍රයේ දස්කම් රැසක් දක්වමින් සිටින මාධවී වත්සලා, අඛිල ධනුද්දර සහ සජිත අනුත්තරගේ ආදරණීය පියාණන් ද වනවා.

ජැක්සන් ඇන්තනී මහතා අවසාන වශයෙන් රංගනයෙන් දායක වූයේ සෝමරත්න දිසානායක මහතාගේ “සිංහබාහු” චිත්‍රපටයටයි.

එම චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කරන අතරවාරයේදීයි ජැක්සන් ඇන්තනී මහතා අනතුරකට මුහුණ දී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියේ.

අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා දිනයේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, රාගම ශුද්ධවූ පේදුරු හා පාවුළු දේවස්ථානයේ දීයි.

එදින පස්වරු 03.00ට ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බවයි පවුලේ ඥාතීන් දැනුම්දෙන්නේ.

ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය අංක 57, වනිගසූරිය වත්ත, රාගම පාර, කඩවත යන ලිපිනයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කෙරෙනු ඇති.

ආදරණීය කලාකරුවාණෙනි, ආයාචනා කළත් නුඹට තවදුරටත් සිටිය නොහැකි බව නොදන්නවා නොවේ, එහෙත් ඔබගේ අඩුව පුරවා දැමීමට හැකි දැවැන්තයෙකු නම් කර හැකිනම් යනු මැනවි. ඉතින් ඔබට සමු දෙන්නට සූදානම් නැත එහෙත් සමු ගන්නට අවසරයි…

Related Posts

කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!
Hot Gossip

November 24, 2025
බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!
Hot Gossip

බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

November 18, 2025
Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!
Hot Gossip

Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

November 6, 2025
සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.
Hot Gossip

සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

October 28, 2025
ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?
Hot Gossip

ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

October 28, 2025
ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!
Hot Gossip

ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

October 27, 2025
Next Post
තව්තිසාවෙ ඉඳන් ඇවිදින් අපිව රැකපාං අප්පුච්චේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

ඔබ හිතන දේ Keyboard එකෙන්ම ලියවෙන කාලේ ළඟද? Pixel 10 එක්ක එන Gboard එකේ අලුත්ම AI මැජික් එක!

August 21, 2025
ෂාෆ්ටර්ගේ මරණය අපරාධයක් – අධිකරණයෙන් තීන්දුවක්-

November 1, 2023
ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි චිත්‍රපටයේ නව සුරූපී නිළිය

August 3, 2022
පාසල් සිසුන්ගේ දැක්ම පුළුල් කරන ‘Vision’ වැඩසටහන ජනාධිපති ලේකම් කාර්යාලයෙන්

July 12, 2025

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • ඔබේ සෞඛ්‍ය තොරතුරු Chat GPT අතට? Apple Health සහ Chat GPT අතර රහසිගත සම්බන්ධයක්!
  • ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!
  • වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!
  • දිට්වා සුළි කුණාටුවේ මහා විනාශය: ලක්ෂ 2 කට අධික දරුවන්ගේ ජීවිත අවදානමේ!
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .