තාරුණ තරුණියන් අතර ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන අනුෂ්ක උදාන විවාහ වුණු බවට මෑතකදී වැඩි කතා බහකට ලක් වුණා.
නමුත් ඒ අනුෂ්ක නොවන අතර අනුශ්කට සමාන පෙනුමක් ඇති වෙනත් තරුණයෙක්.
ඒ ගැන අනුෂ්ක අදහස් දක්වන වීඩියෝ කිහිපයක්ම මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා.
කාන්තාවක් සමග ආදරයෙන් එකට සිටීමට විවාහය අනිවාර්ය නැහැ කියලා තමා අනුෂ්ක කියන්නේ. ඒ වගේම ඔහු කිසිම දිනයක විවාහ නොවන බවත් ප්‍රකාශ කරනවා.
වැඩිදුරටත් අදහස් දක්වපු අනුෂ්ක කියන්නේ තමන් බ්‍රෑන්ඩ් එකක් වෙන්න මිනිස්සු දිගින් ගිගටම බැනපු එක හේතුවක් වුණා කියලා.
මුලින්ම විවිධ වීඩියෝ කරන විටදීත් වෙළඳ ප්රචාරක දැන්වීම් පල කරන විටදීත් ආපන ශාලාවක් ආරම්භ කරන විටදීත් විවිධ මිනිසුන් විවිධ අදහස් පල කළ අතර ඔවුන් කිසිම ආකාරයකින් ඒ ඍනාත්මක අදහස් සැලකිල්ලට නොගන්නා බවයි කියන්නේ.
සමාජයේ බොහෝ දෙනෙක් ඔවුන් කරන කියන දේවල් විවේචනය කලත් ඔවුන් කළ බොහෝ දේ COPY කරනවා කියලා අනුෂ්ක කියනවා.
ඉදිරියේදී අනුෂ්ක සහ ඔහුගේ මිත්‍රයා එකතු වෙලා මිනී පෙට්ටි සාප්පුවක් දානවා. පුලුවන්නම් එකත් අනුගමනය කරන්න කියලා තමා ඔවුන් කියා තිබුණේ