තම පෙම්වතියගේ විවාහ දිනයේදී හිටපු පෙම්වතා ලබා දුන් තෑග්ගක් පිපිරීයාම හේතුවෙන් මනාලයා, ඔහුගේ සහෝදරයා මියගොස් තිබෙන අතර මාස 18 වයසැති බිළිඳෙකු සහ තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙම පුවත වාර්තා වෙන්නේ මධ්‍යම ඉන්දියාවේ චත්තිස්ගාර් ප්‍රාන්තයෙන්.
පෙම්වතියගේ විවාහ දිනයේදී ඇය වෙනත් අයෙකු සමග විවාහ වීම හේතුවෙන් පළිගැනීමේ අරමුණින් හිටපු පෙම්වතා විසින් පුපුරණ ද්‍රව්‍ය සමග ලබා දුන් හෝම් තියටර් සිස්ටම් එකක් විදුලියට සම්බන්ධ කිරීමට යාමේදී මෙලෙස පුපුරා ගොස් තිබෙනවා.
හිටපු පෙම්වතා මෙම විවාහ වූ කාන්තාවට විවාහයෙන් පසු තම අනියම් බිරිඳ වන ලෙසද ඉල්ලීමක් කර තිබෙනවා.
මේ සම්බන්ධව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන අතර හිටපු පෙම්වතා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ