ජනප්රිය රංගන ශිල්පියෙක් වන චන්න පෙරේරා විවාහ වී සිටියේ ගයාත්රි ඩයස් සමගයි.
නමුත් බොහෝ දෙනා දන්නා ප්රසිද්ධ රහසක් තමයි මේ දෙදෙනාගේ වෙන්වීම.
මෑතකදී චන්න පෙරේරා එක්තරා සාකච්ඡාවකට සම්බන්ධ වී ප්රකාශ කර තිබුණේ ගයාත්රිගේ ආදරය ඔහු හෝ ඔහුගේ ආදරය ගයාත්රි අපේක්ෂා කළ ආදරයවත් නොවෙන්නට ඇති බවයි.
මේ දෙදෙනාගේ වෙන්වීම දරුවන් දෙදෙනාටද තේරී තිබු අතර එය ඔවුන් දෙදෙනාද එතරම් ගැටළුවක් බවට පත්කරගත්තේ නැති බව චන්න ප්රකාශ කර තිබුණා.
දරුවන් දෙදෙනාත් දැන් සියල්ල තේරෙන වයසක සිටින නිසා ඔවුන් නිතර චන්නගෙන් අසන ප්රශ්ණය “ඇයි තාත්තා වෙනත් කෙනෙක්ව විවාහකර නොගන්නේ” යැයි චන්න වැඩිදුරටත් ප්රකාශකර තිබුණා.
චන්න පෙරේරා නැවත විවාහ වේවිද නොවේවිද? ඒ ප්රශ්ණය අපි ඔහුට සහ අනාගතයට භාර කරනවා.