ලංකාවේ වාර්තාවක් තබමින් “සුදු අරලියා මල” කැසට් එක ලක්ෂ හතක අලෙවියක් සිදුවූ බව ස්වර්ණවාහිනියේ විකාශය වන ජනප්රිය වැඩසටහනක් වන “හිත ඉල්ලන තරු” වැඩසටහන අතරතුර ජනප්රිය ගායන ශිල්පී අජිත් මුතුකුමාරන සඳහන් කරනවා.
ඉල්ලුමට සරිලන සැපයුම ලබාදීමට නොහැකි වූ බවත්, එක දිගට කැසට් නිෂ්පාදනය කිරීමට සිදුවීම හේතුවෙන් යන්ත්ර ක්රියා විරහිත වූ බවත් ඔහු සඳහන් කළා.
බොහෝ තරුණියන් ඇතැම් CD තැටි දෙකක් මිලදීගෙන එකක් ගීත ඇසීමටත් අනෙක පරිස්සම්කර මතකසටහනක් ලෙස තබා ගැනීමටත් මිලදී ගත් බව ඔහු සඳහන් කළේ කලා කරුවෙකුට දැනෙන සතුට වැඩසටහනේ අනෙක් අය සමග බෙදා ගනිමිනි.