රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායකට පුද්ගලයන් දෙදෙනෙක් මහමගදි හෙල්මටයෙන් පහර දුන් බවට රාවයක් පැතිර යනවා.
මේක ඇත්තක් ද ? බොහෝ දෙනෙක් විමසන්න වුණා.
ඒ සම්බන්ධයෙන් gossipking.lk අපි, ඇමතිගෙන්ම දුරකථන ඇමතුමක් දීලා විමසීමක් කළා.
රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක අපිට කිව්ව විදිහට තමන් කඩේකට ගිය වෙලාවක බීමතින් පැමිණි දෙන්නෙක් කලහකාරී විදිහට හැසිරෙන්න පටන් අරන් තියෙනවා.
ඔවුන් තමන්ට ගැහුවා කියන එක චාමර සම්පත් පිළිගන්නේ නෑ,බීමතින් සිටි පුද්ගලයෙක් බිම ඇද වැටුණා කියලා ඔහු කියනවා.
තමන් ඔහුට පහර දුන් බවට චෝදනා එල්ල වෙතැයි සිතා මේ සම්බන්ධයෙන් බදුල්ලේ පොලිසියට පැමිණිලි කළ බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.