නිරන්තර සමාජ මාධ්‍ය තුළින්ද ජනතාව දැනුවත් කරන වෛද්‍යවරයෙක් තමයි බදුල්ල රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ කියන්නේ.පස්සර මාරක අනතුර වූ දවසෙත් ඔහු අතිශය මානුෂික මෙහෙවරක් කළ වෛද්‍යවරයෙක්.
පසු ගිය දිනක ඔහු විසින් සංවේදී සටහනක් තම ෆේස් බුක් ගිණුමට එක් කර තිබුණා.
ඒ මානසික පීඩනය නිසා දුම්රියට පැන සියදිවි හානී කරගැනීමට ගොස් කකුලක් හා අතක් අහිමිව තමන් වෙත රැගෙන ආ රෝගියෙක් ගැනයි.
එම සටහන පහතින්
දුප්පත්කම …
අසරණකම..
සහ …
මානසික පීඩනය …
යකඩ යකාට පැන්න..
තවත් අපේ රටේ මිනිහෙක්..
ඔබ ….මා මෙන්ම..ඉපදුන..
අසරණයෙක්..
කකුලක් ..
අතක් අහිමිව…
කුඩුපට්ටම් උනු..
බද්ධ කල නොහැක..
අනේ ඔබට හැකි පමනින්..
පිහිට වන්න එක් අයෙකුටවත් හෙට දිනේ…
වෙනදාට වඩා..
ලෙංගතුව සොයා බලන්න..
අසල්වැසියන් ..
හිතවතුන් ගැන..
අත් හරින්න..
වෛරය..
ක්‍රෝධය ..
අපිත් පව්කාරයන්
මේවා දකින..
උදේ හවස….
…….වෛද්‍ය පාලිත ….