කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් තමන් ලැබූ ජයග්‍රහණයට ලංකාවේ කවුරුත් උදව් නොකළ බව පවසනවා.
ඒ සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් මෙම ජයග්‍රහණය තමන්ට සහ තම කණ්ඩායමට පමණක් අයිති බව ප්‍රකාශ කර තිබුණා.
වැඩි දුරටත් ඔහු කියා සිටියේ, ලංකාවේ බලධාරීන්ගෙන් උදව් ඉල්ලල යවපු ලියුම් ඊ මේල් එකේ සෙන්ඩ් බොක්ස් එක පිරිලා. උදව් කරන්නම් කියලා ආව ඊ මේල් එකක් නම් හොයාගන්නවත් නැති බවයි.
ඊයේ (03) ස්විස්ටර්ලන්තයේ පැවති ධාවන තරඟයකදී දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස කිරුළ පැලදීමෙන් අනතුරුව
42 වන රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරඟාවලියේදී මීටර 100 ඉසව්ව තත්පර නවයයි දශම නවයයි හයකින් නිම කරමින් යුපුන් අබේකෝන් තමන් පිහිටවූ වාර්තාවම අලුත් කළ අතර එය නව දකුණු ආසියානු වාර්තාවක් ද වනවා.