පාඩු ලබන රාජ්‍ය ආයතන 12 කට අලුතෙන් ප්‍රධානීන් ළඟදීම පත්කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වනවා.
මේ අනුව එම ආයතන සඳහා දිවයිනේ නමගිය ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුද පත්කිරීමට සාකච්ඡා කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.
සිය ව්‍යාපාර ඉහළම කාර්ය සාධන මට්ටමකට රැගෙන ආ විධායක නිලධාරීන් කෙරෙහිද නව තනතුරු පත්කිරීමේදී විශේෂ අවධානය යොමු කිරීමට රජය බලාපොරොත්තු වනවා.
පාඩු ලබන මේ ආයතන පවතින ආර්ථික තත්ත්වය හමුවේ ලාභ ලබන තත්ත්වයට පත්කර ගැනීම අවශ්‍ය වන හෙයින් එම ආයතනවලට හොඳ නියමුවන් පිරිසක් පත්කර ගැනීම වැදගත් බව මැති ඇමැතිවරුන් ගණනාවක් ජනාධිපතිවරයාට දැනටමත් කරුණු පෙන්වාදී ඇතැයි වාර්තා වනවා.
එසේම මේ පාඩු ලබන ආයතන, ඒවා පාඩු ලබා ඇති ප්‍රමාණ සහ පාඩු ලැබීමට හේතු පිළිබඳ සම්පූර්ණ වාර්තාවක්ද රජය පසුගියදා ලබාගෙන ඇතැයි එම ආරංචිමාර්ග ප්‍රකාශ කරනවා.
ඇතැම් ප්‍රධානීන්ගේ අකාර්යක්ෂමතාව නිසා සමහර ආයතනවල කාර්ය සාධනය පහළට ගොස් ඇතැයි රජයට කරුණු අනාවරණය වී තිබෙනවා.