ශ්‍රී ලංකා ඕස්ට්‍රෙලියා විස්සයි 20 ක්‍රිකට් තරගය පරාජයකින් වළක්වා ජයග්‍රහණය කරා රැගෙන ගිය සුවිශේෂ තරගයක් වුණා.
තරගය පැවැත්වුණේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදීයී.
මෙහි නියමුවා වූයේ ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානකයි.
ලාංකික කාගේත් කලකින් මුවග සිනාවක් ශේෂ කළ හෝරා කිහිපයක් ලෙස මෙම තරගය දක්වන්න පුළුවන්.
ලෝක ශූර ඕස්ට්‍රේලියානු පිලද පුදුමයට පත්කරමින් දැඩි පීඩනයක් පැවති අවස්ථාවේ නොබියව පහර පිට පහර එල්ල කරමින් අවසන් ඕවර 3 කදී ලකුණු 59 ක් ලබා ශ්‍රී ලංකා පිල මෙම ජයග්‍රහණය අත්කරගත්තා.
දසුන් ශානක තරගයේ ජයත් සමග සියලු ප්‍රේක්ෂකයන්ට හිස නමා ආචාර කිරීමට ද අමතක කළේ නෑ.