බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට විශාල පිරිසක් පැමිණීමෙන් පසුගිය දිනවල එම කාර්යාලය තුළ සහ පිටත දැඩි තදබදයක් දැකිය හැකිවුණා.
මෙම තත්වය හේතුවෙන් එම කාර්යාලයේ නිලධාරීන් මෙන්ම ජනතාව ද දැඩි අපහසුතාවට පත්ව සිටියා.
දුරබැහැර සිට පැමිණි ඇතැම් පුද්ගලයින් එම පරිශ්‍රයේ පිටත එළිමන් ප්‍රදේශයේ නින්දට වැටී සිටින අයුරු ද දැකගත හැකිවුණා.